කසුන් ගිහන්තගේ බ්ලොග් සටහන
Tuesday, September 25, 2012
Tuesday, June 19, 2012
සීගිරිය
සීගිරි ඉතිහාසය
පෞඪ ඉතිහාසයකට නෑකම් කියන සිංහල දේශයේ තවත් අභිමානී උත්තුංග පියමන්තලාවක් වන සීගිරිය සිංහල චිත්‍ර කලාවේ ද , වාස්තු විද්‍යා හා ගෘහ නිර්මාණ ශිල්පයේ ලොව අටෙවනි පුදුමයට පාත්‍රවන්නට තරම් උතුම් ලද මහා කලා ගාරයකි. අපේ වංශ කතාවලට අනුව සීගිරි කතා පුවත ගොඩ නැගෙන්නේ සිගිරියේ නිර්මාතෘවරයා වූත් දුක්මුසු අවසානයකට භාජනය වන පළමු වන කාශ්‍යප රජු වටා ය. මෙම මහා කලාගාරය පිහිටා තිබෙන්නේ කොළඹ-ත්‍රිකුණාමලය මාර්ගයේ දඹුල්ලේ සිට සැතපුම් 9ක් පමණ උතුරු දෙසට යන විට ය. සීගිරිය මාතලේ දිස්ත්‍රික්කෙය් උතුරු දිග තැනිතලාවේ දකුණු සීමාවෙහි මලය රට කඳු පාමුලට කිට්ටුව ඉනාමලුව කෝරලයේ ශේෂ කඳු පංතියක් ලෙස පිහිටා ඇත. මෙම පර්වතය තැනිතලාවේ සිට අඩි 600ක් පමණ ඉහළට නැග සිටී. දිගින් කි: මී: 3ක් ද, පළලින් කි:මී:1ක් ද, පමණ වන සීගිරිය තෙය් මුදුනේ විශාලත්වය අක්කර 3කි. ගල් හා ගෙඩාල් සංයුක්ත අතිශෝභමාන වූ මෙම ගෘහ නිර්මාණ සංකීර්ණය ක්‍රි:ව: 5වන සියවස අගභාගයේ දී ඉදි කෙරිණි. මහා පවුරු, දිය අඟල්, ආරක්ෂක කුටි, ස්වභාවික ගල් ආරුක්කු ආදියෙනුත්,මල් උයන්වලින් හා හිරිගල් නිමැවුණු සියුම්ව පිරිමැද සිනිඳු කළ හෙයින් ම කැටපත් පවුර යන නම් ලද මහ පවුරෙනුත් සමන්විත මේ වංකගිරියේ තේජෝබල පරාක්‍රමයෙන් වැඩ සිටින්නේ ශක්තිමත් යෝධයෙක් බව මොනවාට පිළිබිඹු කරමිණි.ප්‍රධාන අවධි
- කාශ්‍යප යුගය (ක්‍රි.පූ.3-ක්‍රි.පූ.5 දක්වා)
- කාශ්‍යප යුගය (ක්‍රි.පූ.475-497 දක්වා)
- පසු කාශ්‍යප යුගය (ක්‍රි.ව.6-13 දක්වා)
- අප්‍රකට යුගය (ක්‍රි.ව.13-17 දක්වා)
- මහා නුවර යුගය (ක්‍රි.ව.17-19 දක්වා)
- නූතන යුගය (ක්‍රි.ව.19-අද දක්වා)
තද පැහැයෙන් යුතුව ක්ෂිතිජය සිප ගනිමින් උතුරට නෙරා යන මහා පව්ව පාමුල අතිශය ප්‍රතාපවත් ව වැදහොත් සිංහරාජයෙකුගේ විලාසෙන් නිමවා ඇති හෙයින් මෙයට සිංහගිරිය හෙවත් සීගිරිය යන නාමය පටබැඳුණි. සිංහරාජ තෙම් සැතපුම් ගණනක් ඈතට විහිදෙන බියමුසු හැඟිමක් දැනවුවත් සිංහරූපය දැකීමෙන් එහි ගිය පැරැන්නන් තරම්ම නුතන යුගයේ මුල් ම පුරා විද්‍යාඥයන් ද, වශීකෘත වු බව 1898 දී ඒච්.සී.පී.බෙල් මහතා ප්‍රකාශ කර ඇත. දැනට ශේෂ ව ඇතත් සිංහයාගේ බාහු යුගලය පමණක් වුව ද කෙනකු තුළ ප්‍රතාපය හා බලය පිළිබද අපුරු හැඟිමක් දැන වීමට ප්‍රමාණවත් බව කැටපත් පවුරේ ලියු මේ ගීයෙන් පැහැදිලි වේ.
දක්නට ලැබෙන ලක්ෂණ
- පර්වත මස්තකයේ තිබෙන රජ මාළිගාව
- ගඩොලින් තැනූ සිංහයාගේ රූපය
- පර්වත ශිඛරයේ ඇඳ තිබෙන සීගිරි ලලනාවන්
- සීගිරි කැටපත් පවුර
පුරා විද්‍යාත්මක නටඹුන් හා විශේෂ ලක්ෂණ
සීගිරිය, දිගුකල් ඛාදනයට ලක්වූ ගිණිකන්දකින් පිටවී (සිසිල් වුණු ආග්නේය පාෂාණ යන්ගෙන් නිර්මාණය වූ පර්වතයකි. ඇල හාත්පස පිහිටි තැනිතලාවෙන් ඉහළට නැගුණු එය ඕනෑම පැත්තකින් සැතපුම් ගණනාවක් ඈතට දිස්වේ. පර්වතය වටා තිබෙන තැන්නෙන් එක්වරම ඉහළට නැගුණු අධික බෑවුමකින් යුක්ත ගොඩනැගිල්ලක් මත එය පිහිටා ඇත. පර්වතය මීටර් 370 ක් උස වන අතර සෑම පැත්තකින්ම ප්‍රපාතාකාරය. බොහෝ ස්ථාන පාදම ලෙසට නෙරා ඇත. අන්ඩාකාර දිගු ආරක්ෂක හැඩයෙන් පහළට ක්‍රමිකව දිවෙන බෑවුමක් ඇත.
ක්‍රි.ව. 5 වැනි සියවසේ කාශ්‍යප රජු විසින් තනන ලද පුරාණ මාළිගයක් සීගිරියෙහි ඇත්තේය. පර්වතයේ සමතලා මතුපිට මාළිගාවක නටඹුන් තිබේ. මැද හරියේ තිබෙන සමතලා බිමෙහි සිංහ ද්වාරයක්ද කුරුටු ගී තිබෙන කැටපත් පිහිටා ඇත. පහළ මාළිගාව පර්වතයේ පහළ බෑවුම හේත්තු වන්නට නිර්මාණය කරන්නේ දිය අගල් තාප්ප හා උද්‍යාන පර්වත පාමුල සිට මීටර් සිය ගණනක් දුරට විහිදී ඇත. මෙම භූමිය මාළිගාවකින් හා බලකොටුවකින් යුක්තය. දැනට තිබෙන ප්‍රමාණවත් නටඹුන් වලින් එය නිර්මාණය කළ අයගේ විශිෂ්ඨ හැකියාව හා නිර්මාණශීලිත්වය පිළිබද අගනා හැගීම් එය නැරඹීමට පැමිණෙන අයගේ සිතෙහි ජනිත කරවයි.
සීගිරි භූමි සැළැස්ම පළමු සහශ්‍රයේ නාගරික සැලසුම් කරණයේ අනර්ඝ උදාහරණයක් ලෙස සීගිරි නිර්මාණය දැකිය හැක. භූමි සැළසුම ඉතාමත් අලංකාර සහ සුක්ෂ්‍යම ලෙස සකස් කරන ලද්දක් ලෙස සැලකේ. සැලසුම් සකස් කිරීමේදි ජ්‍යාමිතික සැළසුම් සහ අවට පිහිටි ස්වාභාවික වස්තූන්ගෙන් පිහිටීම පිළිබදව ඉතා හොදින් නිරීක්ෂණය කර සංයෝග කර ගැළපීම් හා නොගැලපීම් සංකල්පය එක් කොට ඇති බව පෙනේ. පර්වතය බටහිර දෙසින් තිබෙන උද්‍යාණය රාජකීයන් උදෙසා සුදුසු ලෙස සකස්කර ඇත. උද්‍යානයෙහි ජලය රදවා තබා ගන්නා ව්‍යුහය නිර්මාණය කර ඇත. ඒවා සකස් කිරීමේදී පොලව යටින් දිවෙන ජල පීඩන ක්‍රමයක් යොදා ගෙන ඇති අතර මෙයින් සමහරක් අදද ක්‍රියාත්මක මට්මේහි තිබේ. පර්වතයට දකුණින් මිනිස් අතින් නිම කළ ජලාශයකි. මෙවැනි ජලාශ මීට පෙර ශ්‍රී ලංකාවේ වියළි කලාපයෙහිද බොහෝ සෙයින් ප්‍රයෝජනයට ගැනුණි. සීගිරි බිමට පිවිසෙන ස්ථාන වල දොරටු පහකි. ඒවා අලංකාර ලෙස නිමවා ඇති බටහිර දොරටුව රාජකීයන් උදෙසා වෙන්කර තිබුණා යැයි විශ්වාස කළ හැක.
සීගිරිය සංස්කෘතික කෞතුකාගාරයක්
- ක්‍රි.ව.5 වන සියවෙස් පැවති නාගරික සැලසුම් ක්‍රම හා භූමි නිර්මාණ ක්‍රම
- ඉන්ජිනේරු විද්‍යාව
- ජල තාක්ෂණය
- ගෘහ නිර්මාණ ශිල්පය
- කලා ශිල්ප හා සාහිත්‍ය
නැඟී ඇති බලනට - බැලීමි සිහිවියන් සිහිගිරි මනෙදාළ පුරයි සරි - බලන රිසිව බෙයන්ද්
සීගිරිය නැගී බැලීමට ඇති සිංහ ස්වාමියා සිතේ ආශාව සපුරමින් බැලීමි. ඉන් පසු පර්වතයේ රන්වන් කතුන් බැලීමේ ආශාව ද නැති විය. යන්න මෙම කවියේ අදහසයි. තව ද මෙම වාස්තු විද්‍යාත්මක කලාව සදහා පැරණි මිසර හෝ පර්සියන් උද්‍යානවල දක්නට ඇති ජ්‍යාමිතික හෝ සුසන්ගත සැලසුම් ක්‍රම මූලික සිද්ධාන්ත ලෙස භාවිත කර ඇත. මේසා විශාල පර්වතය මත මාළිගා සංකීර්ණයක් ඉදිකිරිම සදහා ගඩොල් රැගෙන ආ සැටි ද පුදුම සහගත ය. මලුපෙත් ගර්භාගාර, සන්නිපාත ශාලා, අතරින් ගෙඩාළුමය පැතිකඩ හා ගල් පොකුණු රැසකින් වට වූ ශෛලමය සිංහාසනය විස්මයෙන් සිත අලලන සුළු ය. සීගිරිය නම් වු මහා වාස්තු විද්‍යාත්මක සැලසුම්කරණ වික්‍රමයේ හදවතත්, කේන්ද්‍රස්ථානයත් වූයේ මේ මාළිගාවයි. ගල මුදුනේ අක්කර තුන හමාරක බිම් ප්‍රමාණයක් වසා ගෙන ඇති මේ සුවිසල් මාළිගය රාජ්‍ය බලයත්, මිනිස් ශ්‍රමයත් කැටි කොට පිළිබිඹු කරන කදිම ස්මාරකයකි. තව ද මාළිගයේ අගය තීව්‍ර කරමින් ඉදිරියට දිවෙනා ශිලා උද්‍යාන, දිය අඟල් හා බුබුළු නඟමින් පතිත වන දියමල් කැලකින් සැලසුම් ලද මේ මහා නිර්මාණය ලොවට කියා පාන්නේ සීගිරි වාස්තු විද්‍යාඥයින්ගේ නිර්මාණ කෞෂල්‍යත් විසිතුරු චින්තනයත් ය.මේ දර්ශනීය උද්‍යාන අතීතයේ ඒක් යුගයක තුරු පෙළින්, මල් ගොමුවලින් හා පස් පියුමෙන් සැදි රාජකීය ජීවිතයේ කාන්තියෙන් හා කෙළි දොළින් ජීවමාන වුන නන්දන උද්‍යානයක් විය. සීගිරිය ලෝ පතළවන්නට එහි ඇති උද්‍යාන කලාව මෙන් ම බිතු සිතුවම් ද මා හැඟි උපකාරයක් ලබා දේ. අව් වැසිවලින් උවදුරුවලට පත් නොවී බිතු සිතුවම් කෝෂයේ සුරැකී ඇති මේ සිතුවම් එක් වකවානුවක පර්වතයේ බටහිර දෙසට වන්නට බිත්තිය පුරා වූයේ කස්සප රජුගේ අන්තඃපුර ලලනාවන් යැයි හැදින්වීමට ඇතැම් වියතුන් උත්සහා දරා ඇත. නමුත් මේ බිතු සිතුවම්වලට වස්තු විෂය වන්නේ අප්සරාවන් හෙවත් දිව්‍යාංගනාවන් ය. මහාචාර්ය සෙනරත් පරණවිතාණයන් පවසන අන්දමට අප්සරාවන් සංකේතාත්මකව වළාකුළු හා විදුලි කෙටීම නිරූපණය කරණ බවත් ය. නමුත් දුරාතීතයේ සීගිරිය නැරඹීමට පැමිණි විනෝදකාමීන්ට පෙනන්නේ සුන්දර වනිතා පෙළකගේ සිතුවම් ලෙසට ය. මෙම සීගිරි සිතුවම් සමකාලීන දකුණු ආසියානු චිත්‍ර සම්ප්‍රදායන්ට ආවේණික සම්භාව්‍ය චිත්‍ර කලාවේ විශිෂ්ට ශ්‍රි ලාංකික නිර්මාණ ශෛලියක් පෙන්නුම් කරයි. තව ද සීගිරියේ ඉතිරි ව ඇති විශේෂ මතක සටහන්වලින් එකක් වන්නේ බිතු සිතුවම්වලට පහළින් කැටපත් පවුර වසා සිටින ගී සමුහයා ය. මෙම ගී "සීගිරි ගී"නම් වේ. මෙම ගීවලින් පෙනී යන අන්දමට දිවයිනේ සෑම පෙදෙසකින් ම පැමිණි කලාකාමීන්ගේ විනෝද නිකේතනයක් බවට සීගිරිය පත් ව තිබූ බව පැහැදිලි වේ. ලංකාවේ සිටි ශ්‍රේෂ්ඨ පුරාවිද්‍යාඥයෙකු වූ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා කාශ්‍යප රජතුමා සීගිරිය ආලකමන්දාවක් කොට කුවේරයා මෙන් දේවත්වයක් ආරෝපණය කර ගෙන සිටි බව ප්‍රකාශ කරයි.
සීගිරි ගී
ක්‍රිස්තු වර්ෂ 473 සිට 491 දක්වා රජ කළ මහා කාශ්‍යප රජ සමයේ දී සීගිරිය ජගත් පූජිත කලා නිකේතනයක් බවට පත් විය. සීගිරිය ශ්‍රී ලංකාව ශ්‍රී ලාංකීය ඉතිහාසයේ සුවිශේෂ ස්ථානයක් ගනු ලබන අතර ම සිංහල සාහිත්‍යය හා භාෂාව ගැන කතා කරන විට සුවිශේෂ ස්ථානයක් සීගිරි කුරුටු ගීවලට හිමි වේ. මෙම ගීවලින් බොහොමයක් 8, 9 හා10 වැනි සියවස්වලට අයත් වේ. සීගිරි ගී ලියා ඇත්තේ සීගිරියේ කැටපත් පවුර මත ය.
පැරණි සිංහල සාහිත්‍යය අතුරින් විශිෂ්ට කවීත්වයක් හා අපුර්ව ප්‍රතිභා ශක්තියක් සීගිරි ගී තුළින් පිළිබිඹු වේ. මේ තුළින් එකළ කවීන්ගේ අව්‍යාජ කවීත්වය හා අනූන ස්වාධීනත්වය හෙළි වේ. මතුපිටින් පෙනෙන අදහසට වඩා ගැඹුරු අදහසක් මෙම ගී තුළින් මතු වේ. සීගිරි ගී බොහොමයක් අපුර්ව චමත්කාරයක් ද විශිෂ්ට කවීත්වයක් ද ඉමහත් ප්‍රතිභා ශක්තියක් ද ගැබ් වී ඇත. සීගිරි බිතුසිතුවම්වලින් විචිත්‍රණය කොට ඇති කතුන් ද අවට පරිසරය ආදී විවිධ තේමාවන් ද යොදා ගෙන මේ ගී රචනා කොට ඇත. මෙකල කවීන් තම සිත් තුළ පහළ වූ අදහස් කෙටි කොට පිඬු කොට දක්වා ඇත්තේ සීගිරි කැටපත් පවුරේ ගී ලිවීම අතිශයින් ම දුෂ්කර හෙයිනි. කවිය පිළිබඳ මහා පරිචයක් කාව්‍යකරණයේ ඉමහත් හැකියාවක් හා භාෂා පටුත්වයක් මින් හෙළි වේ. ව්‍යංගාර්ථයෙන් හා වක්ක්‍රෝක්තියෙන් ද පිරිපුන් ගී විශේෂයක් ලෙස සිගිරි ගී හැදින්වේ.
මෙම සිගිරි ගීවලින් වැඩි කොටසක් ම ගීති නම් ඡන්දස් අලංකාරවලින් රචනා කරන ලද පද්‍ය යයි. යහ ගී පියුම් ගී මත්වල ගී කව් ගී උමතු ගී දුවඟ ගී යොන් ගී ආදී විවිධ විරිත්වලින් බැඳි මේ සීගිරි ගී පද්‍ය සංහ්‍රයක් ලෙස විභාග කර බැලිය හැක. එසේ සීගීරි ගී රචකයෝ තමන් ලියූ ගීවලට යටින් තමන්ගේ නම් ගොත් හා ග්‍රාම නාම සඳහන් කළහ. තවෙකෙක් සිය නාමය යෙදීමට ප්‍රථම තම රැකියාව පවා සඳහන් කර ඇත. මෙසේ රචිත වූ සීගීරි ගී මෙරට විශිෂ්ට පුරා විද්‍යා ඉතිහාසඥයකු වන සෙනරත් පරණ විතාන ශුරීන් දශක දෙකක පමණ කාලයක් තුළ කියන සීගීරි ගී 685න් මුද්‍රණය කොට ඇත.
1.
එළෙනෙ (ල) කුළි මැටියා ලී ගී
බෙයෙන්ද් අවැජ් නොලද් එක් ගීයක් (කීයී මි)
(බස)ක් රන් වනැන් බැලීමී අසිරි සිගිහි ගී
2. ස්වස්ති-
පැඡින් පන් වැසි මෙයල්බතින් ගී
බෙයන්ද් හි රන් වනැන් අ (ස්ද්ව) ස් මියැහියෙජේ
මහනෙල් අත්හි ගත් මෙහිම බුයුත් නොබුයුයෙන්.
3.
සව බරණින් සැජ් ගිරි හිසැ සිටිහි කුමට
යෙහෙළී කියා සො නුමුත අප හිමි බවුදු
(දෙකෙ)ස ලුනෙත්.
4. ගීය
නැ(ගි) අලුයම අවුජ් බලයි සිටියි හි මෙහි මස්
විහිදමි මහද මරු ගස එන තමු (රු) වෙනෙහි සුවද්හි මෙහි
අග්බෝය (හිමියෙමි මෙ ) ගී ලිමි.
5. ගීය
සිතහි යහපත විද බලය (මෙහි) රනවන බුන බලහ නො
මෙ රජමහ සිත රජමහ හම සිහිවන ක(ල)
සෙන් බොදෙවල ලයු ගී.
56. ගීය
ස්වස්ති
තොප නුයුන මිණි විට්නෙන් වැම්මෙන පැහැ දිසෙ(ය්)
නො කෙළෙ ත(මා) න් තෙ(මට්) එ ඉන් (ද) නිම්
තොප සුර බව.
64. ගීය
ස්වස්ති
අගතිනි අත් සලව් මෙහි පොහොන්නෙක් නැතිද
නව බග්ළසන්ද් දුට් මිනිසක් හු නොවජනෙනයි.
103. ගීය
කොමුල් අමඩ් ලෙඩ් ලිනසී
එ බොන්ද මියුර් යහ බැ සී
එ කපල් දල වන් දිගැ සී
මන ජල්(ව)යි (සිත්) නොමු සී
106. ගීය
……….ල සමන ගී
සලතලහි හුණු අකර සෙයින ලයු(තුබු) සිත්
මුළා වෙ මෙනෙ මෙ බෙයදහි රනවනැන දුටුයෙන්
190. ගීය
යහෙ(නි) ගිරි වැසි සලමෙය් හිමියන් ගෙ මෙයලු ගී
ගන ගල් බින්ෙනිෙ දැර සිලග දුට් පැතිතක් සෙය
සොනෙහින්ම ලද් විසට් බ ජු නොහස් තීප
අත්මය් වුයු
334. ගීය
ස්වස්නනනති අග්බොය්මි ලීමි
නිල් ක(ට්) රොට් මලෙකැ අවුණු වැට්කොළ මලසෙය්
සැන්දැ ගැ සිහිවෙන්නේ මහනෙල් වන හය් රන්වන හුන්
492. ලීය
මෙ ගෙත්තමට සිතු(ජු)කෙනෙක්ද එ
කවෙක් හින්දෙ ලී
(මෙ බෙ) ලුව ගී නොහිස් ගී බලත
දක්නා සෙ ගෙති
86. ගීය
නො(ව)න්නොද පුලුදු හුණබජ් නො වරග්න(හ්)
නොසිටිය වෙ දී හැද සමුන්ද කළ පුන්සන්ද උදෙස
306. ගීය
(ෙ)මනෙන්මී ලැදි මහ බන්ද්තා පැහැබර සිනා රුස්නා
කතක් හී තොස්නා මිණි අකුසු හීන්හී ලස් ගන්නා
නැඟි ඇති බලනට -බැලැමි සිහිවියන් සිහිගිරි මනෙදාළ පුරයි සරි -බලන රිසිව බෙයන්ද්
සීගිරි ගීයෙහි භාෂා ලක්‍ෂණ
ශ්‍රී ලංකාවේ මාතලේ දිස්ත්‍රික්කයේ ඉනාමළු කෝරළයේ වගපනහපල්ලේ සියපත්තුවේ පිහිටි "සීගිරිය නම් වු මීටර් 180 ක් පමණ උස් වු පර්වත ශිඛරය වර්තමානයේ දෙස් විදෙස් පතල වු ඓතිහාසික කලාගාරයකි. මෙම කලාගාරයේ නිර්මාතෘ ක්‍රි:ව: 473-491 දක්වා ලක්දිව රජ කළ I වන කාශ්‍යප රජුයි. කාශ්‍යප රජුගේ කාලයෙන් පසු අභාවයට යන මෙම රාජධානිය , පසු කාලීනව කලාකාමී පොදුජනතාවගේ, සෞන්දර්යාත්මක චින්තනය හෙළි පෙහෙළි කර ලූ ඓතිහාසික සිහිවටනයක් බවට ද පත් වෙයි. ඒ සීගිරි කැටපත් පවුරේ සටහන් වන "සීගිරි කුරුටු ගී" මඟිනි.
සීගිරි බිතුසිතුවම්
මෙම සීගිරි ගී බොහොමයකට වස්තු විෂය වූයේ "සීගිරි බිතුසිතුවම් "ය . සාහිත්‍ය අගයෙන් අනූන පද්‍ය බොහොමයක් සීගිරි කැටපත් පවුරෙන් හමු වේ. මෙම ගී බොහොමයක දැකිය හැක්කේ සීගිරි පැමිණිවුන් එහි වූ ලලනා රූ දැක තම සිත තුළ නිපන් අදහස කවියට නැගීමකි. මෙම සීගිරි බිතුසිතුවම් සම්ප්‍රදායික සිංහල කලා කෘතිවලට ආගන්තුක බව පැහැදිලි වන කරුණකි. එමෙන් ම මෙම සීගිරි ගීත ද සම්ප්‍රදායික සාහිත්‍ය සම්ප්‍රදායට ද අනුගත වූ බවක් නොපෙනේ.සීගිරි ගී බොහොමයක්ම ශෘංගාර රසය දනවයි. මෙම සීගිරි ගී කවීන් නිදහස් කාව්‍ය සම්ප්‍රදායක් අනුගමනය කළ අතර එබැවින් සීගිරි ගී නිර්මාණ හරහා අනුරාධපුර යුගයට අයත් යම් යම් සමාජිය ලක්‍ෂණ මෙන්ම අනුරාධපුර යුගයේ භාවිතා වු භාෂාවේ ඇතැම් භාෂාත්මක ලක්‍ෂණ පිළිබඳව වු තොරතුරු ද සීගිරි ගී අතුරින් හඳුනා ගත හැකි ය.
සිංහල ප්‍රාකෘතයට පසුව පහළ වුණු "පුරාතන සිංහලය " පිළිබඳ වටිනා තොරතුරු සමුදායක් ලබා ගත හැකි හොඳ මූලාශ්‍රයක් ලෙසින් ද "සීගිරි කුරුටු ගී " සමුච්චය , මහාචාර්ය ජේ. බී. දිසානායක මහතා විසින් දක්වා ඇත. සීගිරි ගීවලින් මතු වන සිංහලය "සීගිරි සිංහලය" ලෙස වෙසෙසා හැඳින්විය යුතු බව ද එතුමා පවසයි. එසේ වන්නේ සීගිරි සිංහලයේ දක්නට ලැබෙන ඇතැම් ලක්‍ෂණ , තත්කාලීන වෙනත් ලේඛනවල දැකිය නොහැකි බැවිනි. සීගිරි ගීයෙහි හඳුනා ගත හැකි ලක්‍ෂණ කීපයක් ම මහාචාර්ය ජේ.බී.දිසානායක මහතා, "සිංහල අක්‍ෂර විචාරය " නැමැති කෘතියේ දක්වයි.
සීගිරි ගී වල වැදගත්කම
සීගිරි ගී කිහිප ආකාරයකින් ම ලාංකික ඉතිහාසය තුළ වැදගත්කමක් උසුලයි. එනම්,
- මෙරට පැවති සමෘද්ධිමත් හා උසස් සභ්‍යත්වයක් පැවති අනුරාධපුර යුගයට අයත් සම්භාව්‍ය සාහිත්‍ය හා භාෂාව පිළිබඳ තොරතුරු ලබා ගත හැකි මුලාශ්‍රයක් ලෙස සීගිරි ගී වැදගත් වේ. පසුකාලීනව ඇති වන විවිධ වසංගත , සතුරු ආක්‍රමණ ආදිය නිසා මේ යුගයට අයත් බොහෝ සාහිත්‍ය ග්‍රන්ථ අභාවයට පත් වී ඇති බැවින් සිගිරි ගී අනුරාධපුර යුගයට අයත් වැදගත් සාහිත්‍ය මූලාශ්‍රයකි.
- සීගිරි ගී බහු කතෘක මූලාශ්‍රයකි. එම ගී නිර්මාණය වන්නේ සීගිරිය නැරඹීමට පැමිණි පොදු ජනයා අතින් නිසා සීගිරි ගී මඟින් නිරූපනය වන්නේ එකල පැවති පොදු ජන රුචිකත්වයයි.
- මෙතෙක් වු ආගමික සාහිත්‍යයෙන් බැහැර වු කෘතියක් වීම. සම්භාව්‍ය සාහිත්‍ය තුළ දී වස්තු විෂය තීරණය වීමේ දී ආගමික බලපෑමක් තිබූ මුත් සීගිරි කාව්‍ය සම්ප්‍රදාය එම ආකෘතියෙන් බැහැර වූවකි.
සීගිරි සිංහලය
- එකල වු පොදු ජනයා භාවිතා කළ නම් , ගම් මින් හඳුනා ගත හැක. මින් සමහරක් අල් අකුරකින් ද සමහරක් ස්වරයකින් ද අවසන් වේ.
උදාහරණ:
| අල් අකුරකින් අවසන් වන නම් | : | අග්බොය් , සලමෙය් , කිතල් |
| ස්වරයකින් අවසන් වන නම් | : | කසබ , කිතල , අනුරා |
- උපමා රෑපක ආදි කාව්‍යාලංකාර බිහි කිරීමට සිංහල භාෂාව දක්වන සමර්ථතාව.\
උදාහරණ:
| ස්වස්ති, අග්බොයි මි ලීමි. | |
| නිල් කට්රොළ මලෙකැ ඇවුණු වැට්කොළ මල සෙයි | |
| සැන්‍දැගැ සිහි වෙන්නෙය් මහනෙල්වන හය් රන්වන හුන්. | (334) |
| අග්බොයිමි ලීමි. | |
| මහනෙල් මලක් ගැනැ සුරතත්නි මන්‍ද් බැල්මෙන් | |
| ගැසු නිල් මහනෙල් කැලුම් කිම දැ කුම් සෙය් ත මන වෙය. | (483) |
අල් අකුරු බහුලව යෙදීමේ රීතිය :
සීගිරියේ දක්නට ලැබෙන කලා කෘති පොදු සිංහල සංස්කෘතියට ආගන්තුක වන්නා සේම සීගිරි සිංහලය ද ඊටම ආවේනික වු
ලක්‍ෂණ දරයි. අල් අකුරු බහුලව යෙදීමේ රීතිය ද එවැන්නකි.
- නූතන සිංහලයේ මූර්ධඡ - ණ අල් වී නොයෙදුනත් සීගිරි සිංහලයේ මූර්ධඡ ණ් යෙදේ.
උදාහරණ:
| අද | එදා | |
|---|---|---|
| අමුණ | -- | අමුණ් |
| මුහුණ | -- | මුහුණ් |
- නුතන සිංහලයේ මූර්ධජ - ළ අල් වී නොයෙදේ. නමුත් සීගිරි සිංහලයේ මූර්ධඡ ළ් බහුල ය.
උදාහරණ:
| අද | එදා | |
|---|---|---|
| ඇසළ | -- | ඇසෙළ් |
| කොමළ | -- | කොමුළ් |
- සිංහලයේ අල්පප්‍රාණ අක්‍ෂර 10 කි. නමුත් නුතන සිංහල පදයක අවසානයේ දී වැඩිපුර ම යෙදෙනුයේ ක් - යන්න හා ත් යන්න පමණි. නමුත් සීගිරි සිංහලයේ වෙනත් අල්පප්‍රාණ අක්‍ෂර ද පදාවසානයේ හමු වේ.
උදාහරණ:
| ග් | ජ් | ට් | ඩ් | ද් | ප් | බ් | ||
|---|---|---|---|---|---|---|---|---|
| අද | -- | අග | ඇවිත් | තුටු | කොමඩු | අද | අපි | කලබ |
| එදා | -- | අග් | අවුජ් | තුට් | කොමඩ් | අද් | ඇප් | කලබ් |
- සම්ප්‍රදාන විභක්ති ප්‍රත්‍ය වන ට - යන්න ද සීගිරි ගී වල අල් - ට ලෙස යෙදීම.
උදාහරණ:
| අද | එදා | |
|---|---|---|
| අපට | -- | අපට් |
| කුමට | -- | කුමට් |
- නුතන සිංහලයේ පද අවසානයේ අල් නොවන ය - යන්න හා ර - යන්න ද සීගිරි සිංහලයේ අල් වී යෙදේ.
උදාහරණ:
| අද | එදා | ||
|---|---|---|---|
| (ය්) | අග්බෝ | -- | අග්බොය් |
| (ර්) | උතුරු | -- | උතුර් |
නව ප්රාණාක්ෂර දෙකක්
සීගිරි ගී වෙතින නව ප්රාණාක්ෂර දෙකක් ද , පිළි දෙකක් ද හමු වෙයි. එනම් "ඇ " සහ "ඈ" වේ. මෙහි දී,
- කෙටි "ඇ" යන්න සහිත පද කීපයක් සීගිරි ගී අතුරින් හමු වේ.
උදාහරණ,
ළ ඇත්තන් , දිග ඇසිනි
ළ ඇත්තන් , දිග ඇසිනි
- දික් "ඈ" සහිත පද කීපයක් ද හමු වන අතර එවැනි පද විරල වේ.
උදාහරණ,
ළ ඇ තුබු සෙය්
ළ ඇ තුබු සෙය්
- මෙහිදි "ඇ" විභක්ති ප්‍රත්‍යක් ලෙස ද පූර්ව ක්‍රියා ප්‍රත්‍යක් ලෙස ද සීගිරි ගීවල යෙදී තිබීමෙන් සිංහලයාගේ භාෂා ප්‍රභූත්වය පැහැදිලි වේ.
උදාහරණ:
| අද | එදා | |||
|---|---|---|---|---|
| ආධාර විභක්ති ප්‍රත්‍යක් ලෙස | අතෙහි | -- | අතැ | |
| පූර්ව ක්‍රියා ප්‍රත්‍යක් ලෙස | ගෙන | -- | ගෙනැ |
නව ගාත්‍රාක්‍ෂර :
- එතෙක් සිංහලයහි ව්‍යවහාර නොවූ ගාත්‍රාක්‍ෂර කීපයක් ද සීගිරි සිංහලයෙන් හමු වේ. පසු කලෙක " සඤ්ඤක අක්‍ෂර " ලෙස හඳුන්වනු ලැබුණේ මේ ගාත්‍රාක්‍ෂරයි. මේ අකුරු සීගිරි ගී අතර බහුල වේ. සඤ්ඤක - ග භාවිත ගී දෙකකට උදාහරණ.
"පලාවතුවෙලැ අරම්බ් තැනු සඟපල් බතීමි මෙ ගීය ලීමි" (17)
" වහගලු පිරිවෙන් වැසි සඟල් පැවිජ්ජෙමි මෙ ගී ලීමි" (552)
" වහගලු පිරිවෙන් වැසි සඟල් පැවිජ්ජෙමි මෙ ගී ලීමි" (552)
- අද සිංහලයේ බහුලව යෙදෙන සඤ්ඤක අක්‍ෂර හතර වන ( ඟ , ඬ ,ඳ , ඹ ) සහිත පද ද සීගිරි සිංහලයේ හමු වේ.
උදාහරණ:
| අද | එදා | ||
|---|---|---|---|
| (ඟ) | මඟ | -- | මංග |
| (ඬ) | කඬ | -- | කාණ්ඩ |
| (ඳ) | මඳ මරු | -- | මන්‍ද මරු |
| (ඹ) | අරඹ | -- | අරම්බ් |
සීගිරියේ වාස්තු විද්‍යාව
සීගීරියේ වාස්තු විද්‍යාව ගැන සලකා බැලීමේදී එය අරමුණු කිහිපයක් ඔස්සේ හසුරවනු ලැබු ආකාරයක් දක්නටලැබේ.මෙහිදි ආරක්ෂාව පිළිබදව වඩාත් සැලකිළිමත් වු බව පෙනේ.එසේම කලාත්මක බව හා එහි පිහිටිම පිළිබදවද උනන්දු වී තිබේ.මහාවංශය සදහන් කරන ආකාරයට කාශ්‍යප රජු සීගිරිය සිය රාජධානිය කර ගත් පසුව නොයෙක් කර්මාන්තාදිය කොට එය සුදුසු ආකාරයට සකස් කර ගත් බව කියැවේ.
වාස්තු විද්‍යාවේ නිර්මාණකරණය
නාගරික සැළසුම්කරණය
සීගීරියේ වාස්තු විද්‍යාවේ කැපී පෙනෙන අංගය වන්නේ එහි නාගරික සැලසුම්කරණයයි. ලාංකීය පැරණි නගර නිර්මාණ සැලසුම් අතර විශිෂ්ඨතම නිර්මාණයක් ලෙස සිගිරි නගර සැලසුම හදූන්වා දිය හැකිය. ලාංකිය වෙනත් නාගරික සැලසුම්වලින් යම් තරමකට හෝ සිගිරිය වෙනස් වන්නේ හුදෙක් එය ජනතාවගේ පාලන මධ්‍යස්ථානයක්ම වශයෙන් තිබු තැනැක් පමනක්ම නොව සෞන්දර්යාත්මක නිර්මාණයක්ද වු බැවිනි. පුරාණ නගරයක් සැලසුම් කිරීමේදී ආරක්ෂාව පිළිබදව සැළකිලිමත් වු බව පෙනේ.රාජ මාළිගාව පිහිටියේ නාගරික සංකීර්ණයේ මධ්‍යයේය. සිගිරිය ගිරි දූර්ගයක් කේන්ද්‍ර කොට ගත් බලකාටුවකි. මෙම ස්ථානය දූර්ගයක් වු පමනින්ම ආරක්ෂාව ප්‍රමාණවත් වෙතැයි නොසිතා ඊට තවත් ආරක්ෂක විධි විධාන සම්පාදනය කළ බව පෙනේ. සිගිරියේ සැම නිර්මාණයක්ම සැලසුම්වන්නේ උතුරු දකුණු දිශානුගතව පිහිටි භුමියෙන් අඩි 600ක් තරම් උසවු හුදකලා පර්වතයක් කෙන්ද්‍ර කර ගනිමිනි. එ අනුව නගරයද සැලසුම් කර ඇත්තේ උතුරේ සිට දකුණටත්,බටහිර සිට නැගෙනහිරටත් පර්වතය මැදින් එකිනෙක කැපි යන පරිදි සකස් කරන ලද මධ්‍ය රේඛාවක් මත පිහිටා ගෙන මෙහි මුලික සැලසුම සකස් කර ඇත්තේ ප්‍රධාන පර්වතය සහ භුමියේ ස්වාභාවික පිහිටිමට අනුගතවන පරිද්දෙනි. එ අනුව නගරයේ ප්‍රධාන ප්‍රවේශය බස්නාහිර අර්ධයට හිමිවී ඇති අතර වැඩිම නිර්මාණ දායකත්වයක් දක්නට ලැබෙන්නේ එම භුමි ප්‍රදේශය මුල් කරගෙනයි. මේ නිසා සිගිරි සැලසුම වශයෙන් බටහිර-නැගෙනහිර දිශානුගත වු ආයත චතුරස්‍රකාර ස්වරැපයක් ගනි.
සිගිරියේ බිම් සැලසුම
නගර සැලසුම් කරනයේ වඩාත්කැපි පෙනෙන අංග:-
- නගරය වටා ප්‍රාකාර සහ දිය අඟල් නිර්මාණය කිරිම
- දොරටු නිර්මාණය
- පාරිසරික සම්බන්ධතාවය
- ලෙන් නිර්මාණය
- ගල් භාවිතා කිරිමේ ස්වරැපය(කළු ගල්/හුණු ගල්/ගඩොල්)
නගරය වටා ප්‍රාකාර සහ දිය අගල් නිර්මාණය කිරිම.
සිගිරියේ දක්නට ලැබෙන නශ්ටාවශේෂ අනුව ප්‍රධාන වශයෙන් දිය අගල් දෙකක් වු බව සොයා ගෙන තිබේ. ඉන් වඩාත් පළලින් යුතු දිය අගල පිටත දිය අගල වශයෙන් හැදින්වේ.මෙහි පිටතින් ඇති නොඋස් ප්‍රාකාරය පිටත ප්‍රාකාරය ලෙස නම් කර තිබේ. පිටත දිය අගලට ඇතුළතින් ඇති ගඩොලුමය ප්‍රාකාරය මැද පවුර යන නම්න් හදූන්වනු ලබන්නකි. මැද පවුරෙන් ඔබ්බට දක්නට ඇත්තේ සමතලා බිමකි. අද සිගිරි නගරයට පිවිසෙන මාර්ගය ලෙස මෙය භාවිතයට ගනි. මේ ප්‍රදේශයේ ඇතුළට වන්නට ඇතුළු දිය අගල පිහිටා තිබෙන අතර එය පටු එහෙත් ගැඹුරැ බවින් යුක්ත වුවකි. මේ දිය අගල අවසානයේම ඉතා ඉහලට උස් වු ඇතුළු ප්‍රාකාරය නිමවා තිබේ. පිටත පවුර සහ පිටත දිය අගල සැලසුමට ඇතුලත් කොට තිබුණද එහි නිර්මාණාත්මක හෝ වාස්තුවිද්‍යාත්මක ඉදිකිරිම් වල ස්වරැපය දූර්වලය. සමහර විට මෙය මඩ අගලක් වශයෙන් භාවිතා කරන්නට ඇත. එහෙත් මධ්‍ය ප්‍රාකාරයේද,ඇතුළු දිය අගල සහ ඇතුළු ප්‍රාකාරයේද ඉදිකිරිම් ස්වරැපය වඩාත් සිත් ගන්නා සුළුය. පිටත ප්‍රකාරය පස් වලින්ද, මධ්‍ය ප්‍රාකාරය ගඩොලින්ද, ඇතුළු ප්‍රාකාරය ගලින් බැද ඒ මත පස් පුරවා උස් කොට තැනිමෙන්ද නිර්මාණය කර තිබේ. සිගීරි පර්වතයේ සිට බටහිර ප්‍රාකාරවලට ඇති දූර මෙන් දෙගුණයක් දුරකට නැගෙනහිර ප්‍රාකාරය ඉදි කර තිබේ. එහෙත් මෙහි දක්නට ලැබෙන නිර්මාණාත්මක ස්වරුපය බටහිර පැත්තේ ස්වරුපයට වඩා වෙනස්ය. නැගෙනහිර පැත්තේ ඇතුළු ප්‍රාකාරයද බටහිරට සමාන දූරකින් එහෙත් ඊට වඩා පටු සීමාවන් තුළ ඉදිකර තිබේ. පිටත ප්‍රාකාරය,බටහිර පිට ප්‍රාකාරයට සමානව එමෙන් දෙගුණයක් තරම් නැගෙනහිර දෙසට විහිදී තිබෙනු පෙනේ. එහෙත් මෙම ප්‍රාකාරය බැමි හෝ දිය අගල්වල අඛණ්ඩ ස්වරූපයක් දක්නට නොමැතිය. ඇතැම්විට මෙම ප්‍රාකාරය නිම කරමින් පැවති අවස්ථාවක් විය යුතුය.
දොරටු නිර්මාණය
සීගිරි සංකීර්ණයේ සැලසුමට අනුව ඊට ප්‍රවිෂ්ඨ විම සදහා තනනු ලැබු නොයෙක් ආකාරයේ දොරටු රාශියක්ම සොයා ගෙන තිබේ. විශේෂයෙන්ම බටහිර ප්‍රවේශයේ වු දොරටු අතර බටහිර ඇතුල් දිය අගලින් ඇතුළුවන ස්ථානයේ ඇති දොරටුව ඉතා වැදගත් නිර්මාණයකි. ඉතා විසිතුරු මෙම දොරටුව සිගිරි සංකීර්ණයේ ප්‍රධානතම දොරටුව වුවාට සැක නැත. සීගිරියේ අනෙකුත් ප්‍රධාන දොරටු සැලසුම් කර ඇත්තේ පර්වතයට උතුරු හා දකුණු පැත්තෙනි.ඉන් උතුරු දොරටුව පිහිටියේ පිදූරංගල පර්වතය පැත්තට මුහුණලාය. සිගිරි සැලසුමේ දකුණු පසින් දක්නට ලැබෙන දකුණු දොරටුව උතුරු දොරටුවට සෑම අතන්ම සමානත්වයත්වයක් දක්වයි. මේ දොරටුව ද දිය අගල හරහා යන බැම්මකින් සම්බන්ධ කර තිබෙන අතර මෙම පැත්තේද දිය අගලේ මට්ටම් කිහිපයක් දක්නට ලැබේ. මේ සියලු දොරටුවලට වඩා සුවිශේෂී නිර්මාණය වූයේ සීගිරි ගල මුදුනට නැගීමට තිබූ එකම දොරටුව වන සිංහ දොරටුවයි. මේ සියල්ල දෙස බැලීමේදී පැහැදිලි වනුයේ සීගිරි සංකීර්ණය සැලසුම් කිරීමේදී විවිධ ආරක්ෂිත උපක්‍රම අනුගමනය කරමින් සහ ස්වභාවික නිර්මාණයද පාදක කර ගනිමින් සීගිරි සංකීර්ණය සඳහා මාවත් මෙන්ම දොරටු ද නිර්මාණයකර තිබූ ආකාරයයි.
පාරිසරික සම්බන්ධතාවය.
සීගිරියේ නගර සැලසුමේ වැදගත්ම අංගයක් වන්නේ ඊට පාරිසරික සම්බන්ධතාවයේ ඇති දායකත්වයයි. එය නගරයේ ආරක්ෂාව වෙනුවෙන් යොදා ගෙන ඇති ආකාරය කිසිදු පුරාණ නගරයක දක්නට නොලැබෙන ලක්ෂණයක් බැවිනුත් ස්වභාවයෙන්ම සිගිරි නගරයට ලැබුනු දායාදයක් වශයෙනුත් හැදින්විය හැකිය. එනම් සිගිරි පර්වතය වටා පිහිටා ඇති පර්වත සමුහයයි. ඉන් ප්‍රධාන වන්නේ සිගිරියට උතුරින් පිහිටි පිදූරංගල පර්වතයයි. දකුණින් පිහිටි මාපගලත්,පෙතංගල,දූවන්නාගල හා තම්මැන්නාගල වැනි ස්ථානත් සිගිරිය හා සෘඡු සම්බන්ධකම් දැක්වු ස්ථාන බව පෙනේ. මෙම ස්ථාන සිගිරි නගරයේ ආරක්ෂා කටයුතු සදහා දායක වු බව නොරහසකි. කදූ වළල්ලක් මැද පිහිටි මේ අපුරු නිර්මාණය පුරාණ සැලසුම්කරුවන්ගේත්,ඉංජිනේරුවන්ගේත් අවධානයට ලක් විමෙන් ආරක්ෂිත රාජධානියක්,සැලසුම් සහගත නගරයක් මෙන්ම අලංකාර රාජමාළිගා සංකීර්ණයක් බවටද පත් වී ඇත.
ලෙන් නිර්මාණය.
සිගිරියේ වාස්තු විද්‍යාත්මක නිරිමාණ අතර පැරණිම නිර්මාණයක් වන්නේ ලෙන් නිර්මාණය කිරිමයි. සිගිරියේ ඇති ලෙන් බොහාමයක්ම කටාරම් කොටා සකස් කර ඇති ඒවාය. එසේම කටාරම් කොටන ලද එම ලෙන් දක්නට ලැබෙන්නේ බටහිර පාර්ශවයේ පමණි. නැගෙනහිර පැත්තේ ලෙන් දක්නට ලැබුනද ඒවා කටාරම් කොටා සකස් කරන ලස ඒවා බව නොපෙනේ.
ගල් භාවිතා කිරිමේ ස්වරුපය.
ගල් භාවිතා කරමින් විවිධ නිර්මාණ ඉදිරිපත් කිරිම සීගිරි වාස්තු විද්‍යාවේ කැපි පෙනෙන ලක්ෂණයක් වේ. ගල් ගුහා වල කටාරම් කෙටිම ඉන් පැරණිතම අවස්ථා ලෙස හදූනා ගත හැක. එසේම ලක්දිව කොතැනක හෝ දක්නට නොලැබෙන ආකාරයේ විශ්මය ජනක නිර්මාණ පවා සීගිරියේ දක්නට ලැබෙනුයේ ශිලා භාවිතයේ දායකත්වයත් සමගය. මින් වඩාත්ම පුදූම එළවන සුළු නිර්මාණය වන්නේ සීගිරි පර්වතය වටා කොටන ලද මහා කටාරමය. සැබවින්ම එය සීගිරි නිර්මාණය තුල ලැබෙන විශ්මිත කාර්යය වන්නේය. බිමින් අඩි 500 ක් තරම් උසිනුත්,උඩින් අඩි 100ක් තරම් පහළිනුත් උතුරු හා බටහිර අර්ධය පුරා එක කෙලින් කපන ලද මේ කටාරමේ නිර්මානකරණය නම් කිසිසේත්ම විශ්වාස කල නොහැකි තරමට පුදූම එළවන සුළුය.
සීගිරි පුරවරයේ ඇති එකම කළු ගලක් හෝ නිර්මාණකරණයකින් තොරව ඉතිරි නොකරන්නට එකල ශිල්පීන් වගබලාගෙන තිබේ.පිහිටි ගල් ඇතුළට සාරා පොකුණු තැනීමද සීගිරියේ ගල් වැඩ අතර දැකිය හැකිය. එසේම වාස්තු විද්‍යාවේදි ගල් බහුලව භාවිතා කර ඇත්තේ දිය අගල් වල බැමි සදහාත්,මාලක සදහා බැමි නිර්මාණය කිරිම සදහාත්ය. කළු ගල් හැරුනු කොට සිගිරි නිර්මාණ විෂයෙහි වැඩිම දායකත්වයක් දක්වන්නේ හුණුගල්ය. වාස්තු විද්‍යාත්මක නිර්මාණ සදහා හුණුගල් පිටතින් ගෙන ආ බව පෙනේ. පියගැට පේළි,ආසන,බොරදම්,පිළිම,මුරගල්,ජල මල්,කානු පද්ධති සහ ගොඩනැගිලිවල බිමටද හුණුගල් භාවිතා කර ඇති බව පෙනේ. සිගිරි වාස්තු විද්‍යාවේ කැපි පෙනෙන අමුද්‍රව්‍ය වන්නේ ගඩොල්ය. කුඩා පනා බැම්මක මහ පවුරක් දක්වාම වු සෑම තැනකම ගඩොලුමය ඉදි කිරිම් සහ නිර්මාණ රැසක් දැකිය හැකිවේ. පොකුණු නිර්මාණය ගොඩනැගිලි තැනීම, මාලක නිර්මාණය සහ පවුරු නිර්මාණය සඳහා මෙන්ම දොරටු නිර්මාණය සඳහා ද ගඩොල් භාවිතා කර තිබේ. සීගිරි ගල මුදුනේ වූ මාලිගය හා උද්‍යානය වෙනුවෙන් ගඩොල් ස ලක්ෂ ගණනක් ඉහළට ගෙන ගියේ කෙසේදැයි සිතීම පවා විශ්මයජනනකය. සීගිරි ගඩොල් නිර්මාණ අතර වඩාත් කැපී පෙනෙන අංග දෙකක් වේ. එනම් සීගිරි ගලේ බටහිර පැත්තේ ගල් ආනතියේ නිමවා ඇති කැටපත් පවුරත්, සිංහ පාද මළුව තුළ දැනට දෙපා පමණක් ඉතිරි වී ඇති දැවැන්ත සිංහ රූපයත්ය.දැව භාවිතය ද සීගිරියේ දී මහා පරිමාණයෙන් කර ඇති බවට ප්‍රමාණවත් තරම් සාධක හමුවේ. පර්වත මත ඉදිකළ බොහෝ ගොඩනැගිලි විවෘත මණ්ඩප වශයෙන් තිබු බව පැහැදිලි වන අතර, ඒ සඳහා දැව කණු භාවිතා කර තිබේ. එසේම සෑම ගොඩනැගිල්ලක්මඋළුසෙවිලි කොට තනා තිබේ. සාම්ප්‍රදායික පැතිලි උළු වන මේවා අතර මුදූන් උළු කැටද දක්නට ලැබේ. එසේම ගොඩනැගිලි අලංකාර කීරිම සදහා මැටියෙන් කල කුළුණු හිස් රාශියක්ම යොදා ගෙන තිබේ. අටපට්ටම් පදනමකින්ද අටපට්ටම් කුළුණු හිසකින්ද යුතු වු මේවා විසිතුරු මල්කමින් සහ ගිනිදළු මෝස්තර වලින් අලංකාර කර තිබේ.
*උද්‍යාන සැලසුම්කරණය
සීගිරියේ උද්‍යාන පිළිබදව සලකා බලන කල පැහැදිලි වනුයේ ලොව ඇති පැරණිතම උද්‍යානවලින් එකක් අතරට මෙයද අයත් වන බවයි. සීගිරි පර්වතයේ බටහිර අර්ධයේ දිය අගලින් සහ පවුරු වලින් වලින් වටවු තැනිතලා බිම්කඩ පුරා දක්නට ලැබෙන්නේ නොයෙන් වාස්තු විද්‍යාත්මක ලක්ෂණ වලින් යුතුව නිර්මාණය කර ඇති අලංකාර උද්‍යානයයි. විශේෂයෙන්ම ජල රැදවුම් වලට මුල්තැනක් දෙමින් ඉතා ක්‍රමානුකූලව සහ සැලසුම් සහගත අයුරින් නිර්මාණය කර තිබෙන මේ උද්‍යානය වු කලි පුරාණ දකුණු ආසියාවේ ඇති උද්‍යාන පිළිබඳව දක්නට ලැබෙන හොඳම නිදර්ශනය සේ සැලකේ.
සීගිරි ගල පාමුල පිහිටි මාලක උද්‍යානය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදේ.
- ජල උද්‍යානය
- ශිලා උද්‍යානය
- මාලක උද්‍යානය
මෙම උද්‍යාන ක්‍රමවේද තුනම අනුගමනය කරමින් රජමාළිඟා උද්‍යානය නිම කර තිබේ.
*ගොඩනැගිලි සැලසුම්කරණය
නාගරික සැලසුම් මෙන්ම සීගිරි නගරයේ ගොඩනැගිලි ඉදිකිරිමේ වාස්තු විද්‍යාවද ලාංකීය වාස්තු විද්‍යාවේ කැපි පෙනෙන ලක්ෂණ පෙන්වයි. ප්‍රධාන වශයෙන් විවිධ අමුද්‍රව්‍ය මාධ්‍යයන් ප්‍රයෝජනයට ගනිමින් මෙම නිර්මාණ කර තිබේ. දැනට දක්නට ලැබෙන අවශේෂවලට අනුව එම මාධ්‍යයන් වන්නේ ගල්,ගඩොලු,දැව සහ බදාමය. මින් වැඩි වශයෙන් දක්නට ලැබෙනනේ ගඩොලුමය නිර්මාණයන්ය.ගොඩනැගිලි සඳහාත් බොහෝ විට ගල් භාවිතා කර ඇති නමුත් ඒවායේ සම්පුර්ණත්වය සඳහා දායක වී ඇත්තේ ගඩොල් සහ දැවය.
ශ්‍රී ලංකාවේ පුරාවස්තු
අතීතයේ මිනිසුන් විසින් කරනලද විවිධ නිර්මාණ වලින් ශේෂ වූ ද්‍රව්‍යාත්මක සාධක පුරාවස්තූන් ලෙසට හඳුන්වනු ලබයි. තවද මේවා ආදිතමයන් පිළිබඳව තොරතුරු දැන ගැනීමට වන අතර පුරාවස්තුවක් ආකාර දෙකකින් හඳුන්වා දිය හැකිය. එනම්,
- . පුරාවස්තුවක් පිළිබඳ නෛතික අර්ථ නිරූපණය.
- . පුරාවස්තුවක් පිළිබඳ භෞතික අර්ථ නිරූපණය.
භෞතික අර්ථ නිරූපණය යටතේදී ඍජු හා වක්‍ර වශයෙන් ද ආධාර වන සාක්‍ෂි දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආඥා පනත ට අනුව පුරාවස්තුවක්යනු වර්ෂ 1815 මාර්තු 02 දිනට වඩා පැරණි මිනිස් ක්‍රියාකාරකමක් හා සම්බන්ධ වු දෙයකි. එනම්, උඩරට ගිවිසුමට අත්සන් කළ දිනයයි. එසේම යම්දෙයක් වසර 100කට වඩා පැරණි නම් එය පුරාවස්තුවක් ලෙස ප්‍රකාශ කිරීමේ බලය විෂය භාර ඇමතිවරයාට ඇත. මෙය ස්වභාවයයි. මිනිස් ක්‍රියාකාරකම් මුල්කරගෙන පහළ වූ යම්කිසිද්‍රව්‍යාත්මකසාධකයක් (දෙයක්) පුරාවස්තුවක් ලෙසට භෞතික (ද්‍රව්‍යාත්මක) ව දැක්විය හැකිය. අප ආදිතමයන් වාසය කළ ගේ දොර , පරිහරණය කළගෘහ ෙඋපකරණ ආහාර වශයෙන් ගත් දෙයෙහි අවශේෂ (ඉතිරි කොටස්) පරිසරයෙහි පැවති ගහ, කොළ, සහ එවකට සිටි සතා සිවුපාවා ද මේ අතරට අයත්වේ. මෙසේ පැරණි මානවයා පිළිබඳව දැනගැනිමට හැකිවන සියලුම භෞතික සාක්‍ෂි පුරාවස්තු වශයෙන් ිරලව හැඳින්විය හැකිය.පුරාවස්තුවක්හඳුනාගන්නේ කෙසේද?
පුරාවස්තු හදඳුනාගැනිම උදෙසා පුරාවිද්‍යාඥයන් විසින් අනුගමනය කරනු ලබන ක්‍රම 04 දක්නට ලැබේ. එනම්,
විද්‍යාත්මක කාලනීර්ණ ක්‍රමය.
- කාබන් 14 තාප සංදීප්ත ක්‍රමය.
- කලා නිර්මාණවල ශෛලිය අනුව.
- නිර්මාණයේ හැඩය අනුව.
- පුරාවස්තු වටා ඇති වස්තූන්ගේ පුරාවිද්‍යාත්මක වටිනාකම අනුව
(ඊට ආසන්න වෙනත්සාක්‍ෂි පදනම් කරගෙනය.)
මෙලෙස නීර්ණය (තීරණය) කරන ලද ද්‍රව්‍යන් පුරාවස්තූන් ලෙසට හඳුනාගනී. ඒ අනුව පැරණි දාගැබ් , ශිලා ලෙඛව , පෙති පිළිම, වැව් අමුණු වැනි මහා පරිමාණ නිර්මාණවල හා කර්මාන්තවල සිට කුඩා වළං කැබලිත් දක්වා වු සියලු වස්තූන් පුරාවස්තූන් පුරාවස්තූන් වේ. නමුත් පුරාවස්තු සඳහා පවතින නිතිමය තත්වය රටින් රටට වෙනස් වේ.ඉන්දියාවේ වසර 100 ට වඩා පැරණි ද්‍රව්‍යන් වුනත් යුරෝපයේ වසර 50ට වඩා පැරණි ද්‍රව්‍යන් ද පුරාවස්තු ලෙසට ඔවුන් සළකයි.
පුරවස්තු සුරකින ආයතනය
ලංකාවේ ජාතික උරුමය සුරුකීමත් ඒ පිළිබඳ ජනතාැවට අවබෝධයක් ලබා දීමටත් , පුරාවස්තු සංරක්‍ෂණය කිරීමත් පැවරී තිබෙන ප්‍රධාන රාජ්‍ය ආයතනය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවයි. වර්ෂ 1940 අංක 09 දරණ පුරාවිද්‍යා ආඥාපනතින් දමම දෙපාර්තමේන්තුව නීතිගතකර ඇත. මෙහි ප්‍රධානියා වූයේ පුරාවිද්‍යා කොමසාරිස්තුමාය. නමුත් වර්ෂ 1990 වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවා වසර 100 පිරීම නිමිත්තෙන් පුරාවිද්‍යා කොමසාරිස් යන ධුරය පුරාවිද්‍යා අධයක්‍ෂක ජනරාල් යනුවෙන් නවනස් කරන ලදී. ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා හඳුන්වන්නේ පුරාවිද්‍යා අධ්‍යන්‍ෂක ජනරාල් වශයෙනි.වර්ෂ 1890 ජූලි 07 දා ආරම්භ කරන ලද පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව ඒ දිනය නිමිති කරගනිමින් ජූලි මස 07 දා සෑම වසරකදීම පුරාවිද්‍යා දිනය සමරනු ලබයි. 2007 වසර වනවිට මෙම ආයතනය ආරමිභ කර වසර 117කි. එහිදී මෙම පුරාවිද්‍යා දිනය සතියක් පුරාවට සැමරීම ලාංකිකයන් විසින් විසින් සිදුකරනු ලබයි. එහිදී මෙම ඒ ඒ වසරයන්හිදි විවිධ තේමාවන් යටතේ මෙය සමරනු ලබයි.
ආරම්භයේදී සිටම මේවනතෙක් බොහෝ කොමසාරිස්වරු හා අධ්‍යක්‍ෂක ජනරාල්වරුන් නිල බලය දරන ලදී.
01. 1890-1912 - H.C.P. බෙල්
02۔1931-1934 - ආචාර්ය සෙනරත් පරණවිතාන
031958-1967 - ආචාර්ය C.E.ගොඩකුඹුර
04. 1967-1979 - ආචාර්ය රාජා ද සිල්වා
05. 1979-1983 - ආචාර්ය සද්ධාමංගල කරැණාරත්න
06. 1983-1990 - අාචාර්ය රෝලන්ඩ් සිලවා
ලාංකීය උරුමයන්
ශ්‍රී ලාංකිකයන් වු අපට ලොව ශ්‍රේෂ්ඨ යැයි පිළිගැනෙන පුරාවස්තූන් හා නොබියව තරඟ කළහැකි පුරාවස්තූන් රැසක්ම උරුම වී ඇත. ලෝතයම මවිත කරවන තරමේ විශිෂ්ට තාක්‍ෂණයෙන් යුතු පුරාවස්තුන් ද මේ අතර වේ. වාරි පද්ධතියකින් හා සෞන්දර්ය රසිකත්වය තියුණු කරවන විශිෂ්ට කලාවක් ආගමික ශික්‍ෂනයෙන් යුතු සෞභාග්‍යමත් සමාජයක් අතීතනේ උරුමකරගත් ශ්‍රී ලාංකිකයන් තරම් ජනතාවක් ලොව නොමැති තරම්ය. මෙලෙස ලාංකික උරුමයන් අපට කොටස් 04 යටතේ වර්ගීකරණය කළ හැකිය.
01.ශිලා ලේඛන
02.වාස්තු විද්‍යාව
03.මුර්ති හා කැටයම්
04.චිත්‍ර කලාව
මෙයට අමතරව අපට මෙම පුරාවස්තු,
- දේශපාලනිකව
- ආර්ථික
- ආගමිකව හා
- සංස්කෘතිකව ද වර්ග කළ හැකිය.
ශිලා ලේඛන
යමෙකුට අදහස් ප්‍රකාශ කිරීමට ඇති එක් මාර්ගයක් ලේඛන කලාව. මෙම ශිලා ලේඛනයන් ද පිහිටි ස්ථානය අනුව ලෙන් ලිපි, ටැම් ලිපි, ගිරි ලිපි, පුවරු ලිපි, ලෙසයි. මෙම සෙල්ලිපි මහින්දාගමනයෙන් පසු අක්‍ෂර මාලාවක් ලැබීමෙන් පසු ලියවුණු ඒවාය. මේවා කොටා ඇත්තේ ලංකාවේ පැරණිතම අක්‍ෂර මාලාව වන බ්‍රාහ්මී අක්‍ෂර වලිනි. මේවායින් පැරණි ජන සමාජයන්හි තොරතුරු හෙළිදරව් වන අතර වෙස්සලිරිය, රිටිගල, දඹුල්ල, සිතුල් පව්ව, රජගල, සහ තවත් ප්‍රදේශ වලින් හමුවී තිබේ.
වාස්තු විද්‍යාව
විශිෂ්ට තාක්‍ෂණයෙන් ද කලාත්මක භාවයෙන්ද යුත් අතීත උරුමයන් අතර බොහොමයක් වාස්තු විද්‍යාවට අයත් වේ. වාරි කර්මාන්තය මුල් තැනක් ගනී.මෙපලස නිර්මිත වැව් හා ජලාශ 34,000 කට වඩා අධික ප්‍රමාණයක් වන අතර තිසා වැව,පදවිය,පරාක්‍රම සමුද්‍රය හා කලා වැව නිදසුන් වේ. බිසෝ කොටුවද ඒහා සමානවම වැදගත් වේ.මැටි, දැව වැඩි කාලයක් නොපවතින ද්‍රව්‍ය වලින් අරම්භ කළ ගොඩනැගිලි තැනීමේ කලාව හා තාක්‍ෂණය වර්ධනය විය.මෙයට යාපහුව පර්වත මස්තකයෙන් සොයාගත් කාල රක්ත වර්ණ මැටි බඳුන මීට නිදසුනකි. ලොව විශාලම ගඩොලු නිර්මාණය වන ජේතවනාරාමය , කලාත්මක අංග සමුහයකගේ එකතුවක් වන සීගිරිය ,මහා පරාක්‍රමබාහු රජු විසින් ඉදිකළ මහල් 12න් යුතු බද්ධ සීමා ප්‍රාසාදය, අවුකන , තොළුවිල පිළිම, සඳකඩ පහණ, මුරගල, වැනි නිර්මාණ රැසකි.
- සීගිරියේ වාස්තු විද්‍යාව
සීගිරිය ලෝක උරුමයක් ලෙසට එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය 1982 දී ප්‍රකාශ කරන ලදී. කාශ්‍යප රජුගේ ආලක මන්දාව වු සීගිරිය ක්‍රිස්තු වර්ෂ 07 වන සියවසට අයත්ය. එහි මාක සහැත භූමි භාගය, උද්‍යානය, දිය අගල, කැටපත් පවුර(ගී 1000කි) රජ මාලිගය (හෙක්ටයාර 1.5) සිංහ පාද දොරටුව හා ගල් තලාව වාස්තු විද්‍යාල්මක ලක්‍ෂණ සක්වයි.
- අවුකන පිළිමය
අනුරාධපුරයේ නෑගම්පහ කොරළයේ පිහිටුවා තිබේ. ක්‍රිස්තු වර්ෂ 8 වන සිය වසට අයත් වන අතර පද්මාසනය මත නෙළා ඇති මෙය මහා පුරුෂ ලක්‍ෂණයන් විදහා පාමින් උත්තම ප්‍රඥාව මුර්තිමත් කෙරේ. සමභංග (පාදයේ මහපට ඇඟිලි දෙක එක සමානව තබා ඇත.) මෙම පිළිමය හිටි පළිමයක් වන අතර උස අඩි 37.26 ක් (මීටර 11.36) වේ. සිවුර ඒකාංශ වන අතර එය තනි රැල්ලකින් යුතුවේ. ධාතුසෙන රජු දවස (ක්‍රි.ව. 459-477) කරවු කාලසේලසන්ථු පිළිම ගෙය වත්මන් අවුකන පිළිම ගෙය වේ.
උස මීටර එකක් හා පළල මීටර භාගයකින් ද යුත් පුන්කලස කැටයම් සහිත හා රහිත ලෙස නිර්මාණය කර ඇත. දිව්‍යරාජ ඔටුන්නක් හා ආභරණ ඇඳුම් ද දැනට මුරගල තුළ දර්ශනය වන කොටස් අතර හිස වටා ඇති වයි පෙණ රැසකි. පහළ වාමන රූප02ක්ද වේ.
මුර්ති හා කැටයම්
ලංකාවේ ඉතා විශිෂ්ට ගණයේ මුර්ති හා කැටයම් දක්නට ලැබේ.මෙහිදී සමාධි බුද්ධ ප්‍රතිමාව මුල් තැනක් ගනී.
- සමාධි බුදුධ ප්‍රතිමාව
අනුරාධපුර මහ මෙව්නාවේ පිහිටි අතර උස අඩි 07ක් පමණ වන අතර බුදුන්වහන්සේ සමාධි සුවයෙන් විඩසිටින විලාසයක් මුර්තිමත් වේ.අඩක් පියැවී ඇති දෙනුවන් ද මද සිනාවද නිසා පුතිමාවේ මුහුණට ලැබී ඇත්තේ සෞම්‍ය ගාම්භීර පෙනුමකි. බුදුරදුන්ගේ ආධ්‍යාත්මික පාරිශුද්ධත්වය ඉන් මතුවී පෙනේ. ධ්‍යාන මුද්‍රාව ද ඉන් නිරූපණය වේ.
- අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාව
"ගිරිදර ප්‍රතිමාව " නමින් හැඳින්වෙන යෝගී අවලෝකිතේශ්වර ප්‍රතිමාව ගම්පහ දිස්ත්‍රික්කයේ ගිරිදර ප්‍රදේශයෙන් හමුවුවකි. හිටි පිළිම ගණයට අයත් වන අතර අත් දෙකකින් යුතුව ද දකුණත අභය මුද්‍රාව හා මදක් ඔසවන ලද වම් අතේ කටක මුද්‍රාවද නිරූපළණව වේ. යටි කවෙහි ධෝතියද ඊට යටින් අන්තරාවාසිකය ද වෙයි. පයෙහි ගොප් ඇටයට මදක් ඉහළින් අවසන් වේ. උඩු කයෙහි ද උතුරු සළුව අඟවන පටු රෙදි පටියක් වේ. උඩු කයෙහි ආභරණ කිසිවක් නොමැත.හිසෙහි ඔටුන්නක් ද වේ.
- ඇම්බැක්කේ දේවාලය
ලාංකිය කැටයම් කලාවේ විශිෂ්ටත්වය පෙන්වන ස්ථානයකි. 3වන විත්‍රමබාහු රජු විසින් ඉදිකරන ලද අතර දෙල්මඩු ආචාරීන් නම් වු තැටයම් ශිල්පියාගේ දායකත්වය ලැබී ඇත. අලංකාර දැව නිර්මාණයක් වන අතර තැටයම් කලාත්මක බවින් යුක්තය. මෙහි කණුවල පේකඩ සතරකින් යුතුවන අතර සමහර කණුවල පේකඩ 02කි. මල්ලවමපොරය, හංස පුට්ටුව, භේරුණ්ඩ පක්‍ෂියා , සිංහයා , ලණු ගැටය, ඇත් නග ලිහිණියා, නළඟන සහිත ලිය වැල, ඇදී අගනා කැටයම් ඇති අතර කණුවල කැටයම් 514 ක් ඇත.
- ඉසුරුමුණි කැටයම්
පැරණි ලක්දිව ගොඩනැගිලි කර්මාන්ත අශ්‍රයෙන් විකාශනයට පත් විවිධ ශිලාමය කැටයම් අංග හැරුණු විට ස්වාධීන වශයෙන් අගය කළ හැකි කලාත්මක හා ශිල්පීය වශයෙන් උසස් තත්වයෙහි ලා සැලකිය හැකි සුප්‍රසිද්ධ ගල් කැටයම් කීපයක් ද ලැබී ඇත.විශේෂයෙන් අනුරාධපුරයෙහි ඉසුරුමුණි විහාරය ආශ්‍රයෙන් මෙවැනි වැදගත් කැටයම් කීපයක් ලැබී ඇත. ඒ අතර "ඉසුරුමුණි පෙම් යුවල" දැක්වෙන කැටයම ඉතා කලාත්මක නිර්මාණයකි. මෙම කැටයම මුලින් ම ලැබී ඇත්තේ ඉසුරුමුණි විහාරයට නුදුරින් පිහිටි රන්මසු උයන භූමියෙනි. ඉන් පසු එම කැටයම ඉසුරුමුණි විහාරයට ගෙනවුත් පැරණි විහාරයට අයත් ගල් බැම්මෙහි සවි කර තබා තිබූ අතර දැනට එය එහි ඉඳි කළ කුඩා කෞතුකාගාරයක තැන්පත් කර ඇත. මෙම ගල් පුවරුව අඩි 3ක් පමණ උසින් සහ අඩි 2ක් පමණ පළලන් යුක්ත වේ. මෙම කැටයමෙහි මූලික වශයෙන් නිරූපණය කර ඇත්තේ ආසනයක වාඩි ගත් තරුණ පුරුෂයෙකු හා කාන්තාවකි. මෙම පුරුෂයා වාඩි වී සිටින ඉරියව්ව "අර්‍ධ පර්යංකාසන හෙවත් ලලිතාසන" යනුවෙන් හැදින්වේ. මෙහි කාන්තාව වාඩි වී සිටින්නේ තරුණයාගේ නවා ගත් වම් කකුල මත යි. තරුණයාගේ දකුණු උරහිසට ඉහළින් කඩුවක මිටක් හා පළිහක් වැනි දෙයක් දක්නට ලැබේ. මෙම දෙදෙනාගේ උඩුකය නග්නව දක්වා ඇති අතර විවිධ මාල, වළලු හා කර්ණාභරණ පැළඳ ඇති බව පෙනී යයි. මෙම දෙදෙනාගේ දකුණු අත්වලින් පිළිඹිබු කෙරෙන මුද්‍රා එතරම් පැහැදිළි නොවේ. සමහරු මෙම මුද්‍රාවලින් ප්‍රේමය පිළිබඳ අදහසක් පිළිඹිබු කෙරෙතැයි විශ්වාස කෙරේ. කලාත්මක වශයෙන් ඉතා විශිෂ්ඨ ගණයෙහි ලා සැලකිය හැකි මෙම "පෙම් යුවල කැටයම" ක්‍රි.ව. 5 වන සියවසට පමණ අයත් බව පුරා විද්‍යාඥ මතය යි. පැරණි භාරතයේ විශිෂ්ට ම කලා සම්ප්‍රදාය ලෙස සැලකෙන ගුප්ත මූර්ති කලා සම්ප්‍රදායේ ආභාසය මෙම කැටයමින් පිළිඹිබු වේ.
මෙම කැටයමින් නිරූපණය වන්නේ කවුරුන් ද යන්න තවමත් නොවිසඳුණු ගැටලුවකි. මේ සම්බන්ධයෙන් දේශීය හා විදේශීය උගතුන් අර්ථ නිරූපණ දක්වා ඇත. හින්දු සමය හා සම්බන්ධ ශිව දෙවියන් හා ඔහුගේ භාර්යාව වූ පාර්වතී දේවිය නිරූපණය කරන බව ඇතමුන්ගේ මතය යි. මහායාන සම්ප්‍රදායෙහි හමුවන බෝධිසත්‍වවරුන් අතරින් ලාබාල ම බෝධිසත්‍වවරයා ලෙස සැලකෙන මඤ්ජු ශ්‍රී බෝධිසත්‍වවරයාත් ඔහුගේ තාරා නම් බිසවත් දැක්වෙන බව තවත් අදහසකි. යුධ භටයෙකු හා ඔහුගේ තරුණ භාර්යාව ඉන් පිළිඹිබු වෙතැයි තවත් මතයකි. පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු ව සිටි මහාචාර්ය පරණවිතානයන්ගේ මතය වන්නේ දුටුගැමුණු රජුගේ පුත් සාලිය කුමරුත් ඔහුගේ පෙම්වතිය වූ අශෝකමාලාත් ඉන් නිරූපණය වන බවයි. මීට අමතරව කුවේර නම් දෙවියනුත් ඔහුගේ භාර්යාව වූ වසුන්දරාත් ඉන් නිරූපණය වන බවට මතයකි.
ඉසුරුමුණියෙන් හමුවන තවත් අගනා ගල් කැටයමක් ලෙස එහි ස්වභාවික ගල් පර්වතයේ නෙලා ඇති වාඩිගත් මිනිසෙකු හා අශ්ව හිස ක් දැක්වෙන කැටයම දැක්විය හැක. මෙහි නිරූපිත තරුණයාගේ රූපය අඩි 2 1/2 ක් පමණ උසින් යුක්ත වේ. මෙහි නිරූපිත පුද්ගලයා වාඩි වී සිටින්නේ "මහාරාජ ලීලා" නම් ඉරියව්වෙනි. ඔහුගේ දකුණු උරහිසට ඉහළින් නිරූපණය කර ඇත්තේ අශ්වයෙකුගේ හිසකි. මෙම කැටයම ක්‍රි.ව. 7 වන හෝ 8 වන සියවසට අයත් බව පැවසේ. දකුණු ඉන්දියාවේ ව්‍යාප්තියට පත් පල්ලව මූර්ති කලාවේ අභාසය මෙම කැටයමෙහි පිළිඹිබු වන බව වියතුන්ගේ නිගමනය යි. මෙම කැටයමින් කුමක් නිරූපණය කරන්නේදැයි යන්න පිළිබඳවත් උගතුන් අතර විවිධ මත පවතී. කලා ඉතිහාසඥයෙකු වූ ආනන්ද කුමාරස්වාමිගේ අදහස වන්නේ හින්දු දේව කතාවල හමු වන කපිල නම් ඍෂිවරයා සහ ඔහුගේ අශ්වයා මෙයින් නිරූපණය වන බව යි. පරණවිතානගේ නිගමනය වන්නේ අශ්ව හිසින් ගින්නට අධිපති අග්නි දෙවියනුත් මිනිස් රූපයෙන් වර්ෂාවට අධිපති පර්ජන්‍ය දෙවියනුත් සංකේතවත් කෙරෙන බව යි.
මීට අමතරව දුටුගැමුණු රජ පවුල දැක්වෙන කැටයමත් දිය නාන අතුන් දැක්වෙන කැටයමත් ඉසුරුමුණි විහාරය තුළ හඳුනා ගත හැකි තවත් අගනා කැටයම් වේ.
චිත්‍ර කලාව
ලාංකීය චිත්‍ර කලාව තුළ ඉපැරණි සිපතුවම් බොහොමයක් වන අතර ඉන් බොහොමයක් බෞද්ධ මුහුණුවරක් ගත් බව පෙනේ.
- කැලණියේ පරණ විහාරයේ සිතුවම්
- හිඳගල සිතුවම්
- අනුරපුර යුගයේසීගිරි සිතුවම්
මීට අමතරව ප්‍රාග් ඓතිහාසික මධ්‍ය ශිලා යුගයේ මිනිසා සම්බන්ධ තොරතුරු රැසක්ම කුරුවිට බටදොඹ ලෙන තුළින් අනාවරණය විනි. ලෙන අභ්‍යන්තර භූමිය අක්කර 35ක් වන අතර ඉන් එකල මිනිසාගේ චර්්‍යාවන් හඳුනා ගත හැක. පාංශු ස්ථර 10ක් ඇති අතර ඉන් 04 වන ස්ථරයෙහි වසර 13,000-14,000 තරම් කාලයට අයත් බැව් පෙනේ. මින් කැකුණ ඇට ද ඔළු මුවන් දඩු ලේනුන් , වළි කුකුළන් හා වඳුරු වර්ග ආදී සතුන් පිළිබඳ සාධක ද ලැබී ඇත. 1982 දී කළ කැණීමකදී ව්‍යාග්‍රයෙකුගේ ඇඟිලි පුරුකක් හමු වු අතර ඒ පිළිබඳ ව තොරතුරු 2005 දී දිංගප්පුරුවේ රැෆල්ස් (Raffels) නම් විද්‍යාත්මක ප්‍රකාශනයේ පළ විනි. මින් හමු වු මානව ඇට සැකිළි අදැන් වසර 18000 කට පැරණී බව ආචාර්ය දැරණියගල මහතාගේ අදහසයි. අස්ථි උපයෝගී කරගෙන තැනු මෙවලම් ද වේ. ශිලා මෙවලම් දප්‍රමාළණලයන් සෙන්ටිදීටර 5ත් අඩු ප්‍රමාණයේ ඉතා පකුඩා වේ. ඒවා පොදුවේ ජ්‍යාමිතික ක්‍ෂුද්‍ර ශිලා මෙවලම් (geometic microlithics) නමිනි. තිරුවානා කහඳ මෙවලම් බෝල ,ගල් වෙරළු , සතුන් අතර ගස් බෙල්ලන් , මුහුදු බෙල්ලන්, වල් ඌරන්, මීමින්නන් ද වේ.
පුරාවස්තු රැකගැනීමේ වැදගත්කම
ඉපැරණියන් අප වෙත දායාද කළා වු මෙම පුරාවස්තු අනාපත පරපුර උදෙසා ආරක්‍ෂා කළ යුතුය. මේවා රැකගැනීමට අප පෙළඹෙන හේතු
රැසකි. පහත සඳහන් සංස්කෘත කියමන මෙහිදී ඉතා වැදගත් වේ.
" කලාව , සාහැත්‍ය, ඉතාහාසය, ආදී විෂයන් ගැන සංවේදී
නොවන තැනැත්තේ අං යුවළක් හා වල්ගයක් නැති
ගවයෙකු වැන්න. ඔහු තළණකොළ නොකෑම ගවයන්ගේ
භාග්‍යකි"
මිනිසා සංස්කෘතියක් සහිත එකම ජීවියාය. ඔහුට අනිකුත් සතුන් මෙන් පුරාවස්තු බැහැර කළ නොහැක. ඔහුට ඉන් ආධහාත්මික අංශයන්හි ඇසුර ලැබීම මෙයට හේතුවයි. පුරාවස්තු රැකගැනිම මනෝවිද්‍යාත්මක (මනස හා සම්බන්ධ) මුලධර්මයක් මත පදනම් වුවකි.සෑම මිනිසෙකු තුළම පුරාවස්තු හෝ අතීතය පිළිබඳ කුතුහලයක් තිබේ. " යම් අවස්තාවක නුතන හිස් කබලක් පෙන්නුව හොත් පුද්ගලයෙකු ඒදෙස පළිකුලෙන් බලයි. නමුත් වසර 34,000 ක් පැරණි බලංගොඩ මානවයාගේ හිස් කබලක් දකින්නට සැලසුවහොත් එය අතටගෙන බැලීමේ වුවනමනාවක් ඇති වේ. අතීතයත් වර්තමානයත් අනාගතයත් සම්බන්ධ යැයි කිවන මුලධර්මය තවත් කරුණකි.යම් සාජයක මිනිසෙකුට දැඩිව තම සිත හදා ගැනීමට හැකියාවක් තිබෙනවා නම් තමාට ඉතිහාසයක් නැති බවයි , නම් ඔහු නැවතත් ගල් යුගයට යාමට සිදු වේ. වර්තමානයේ අප පරැහරණය කරනුයේ අතිතයේ නිෂ්පාදනයන්හි වර්ධන තත්වයන් වේ. රෝදයේ විකාශනය සිදු වුයේ කුඹල් සකෙනි.අපගේ ඉතිහාසයේ විකෘති තැන් ප්‍රකෘති කර ඇත්තේ ඉතිහාසයේ අඩු තැන් පුරවා ඇත්තේ පුරාවස්තු මඟිනි. පැරැන්නන්ගේ ජීවන රටාව නිර්මාණශීලී පැතිනඩ හා ස්වභාවය හඳුනාගිවීමට බෙහෙවින් උපකාරී වේ. එසේම පුරාවස්තු නිසා විශාල වශයෙන්ම ආර්ථික වාසි ලබා ගත හැතිය. මෙරට ආදායමෙන් වසැළකියයුතු ප්‍රමාණයක් ලබා දෙන්නේ පුරාවස්තුවයි. විදේශ විනිමය උපයාසංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම මුළුමනින්ම පදනම් වන්නේ පුරාවස්තු මතය. පුරාවස්තු ආරක්‍ෂා කර ගැනීමට රටක වෙසෙන සාමාන්‍ය ජනතාවට දායක විය හැකිය. ශ්‍රී ලංකාව තුළ පුරාවිද්‍යා ස්ථාන 2,50,000ක් පමණ වන බැවින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සිටින 1600 පමණ වන පිරිසට මේ සියල්ල ආරක්‍ෂා කර ගැනීමේ දැඩි වගකීමක් ජනතාවට තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් සිදු කරන්නේ ජනතාවගේ උරුමය රැකීමට ජනතාවට සහය දීමකි.
පුරාවස්තු විනාශ වීමට හේතු
පුරාවස්තු විනාශ වීමට බලපාන හේතු 02කි.
- සවිඤ්ඤානිකව
- අවිඤ්ඤානිකව
අවිඤ්ඤානින බව නිසා පුරාවස්තු සහිත භූමි ස්මාරක ආදිය විනාශ කරති.නිවාස තැනීම, සංවර්ධන යෝජනා ක්‍රම, නාගරීකරණය හා විවිධසිවිල් අර්බුධ නිසා ද වේ. පැරණි බිතු සිතුවම් තිබෙන විහාරස්ථාන වල පුද්ගලයන් විසින් සුවඳ දුම් හා පහන් පූජා කිරීම නිසා හානි පැමිණේ. ඊට වඩා ප්‍රබල ලෙස සවිඤ්ඤානිකව කරන ක්‍රියාවන් නිසා සිදු වේ.
- පැරණි ස්ථාන ආශ්‍රිතව වටිනා දේ ඇතැයි යව වැරදි සංකල්පය.
- " නිදන් වදුල" පුස්කොළ ග්‍රන්ථය උපයෝගි කර ගැනීම.
- රන් ප්‍රතිමා සංකල්පය.
- මාධ්‍ය මඟින් වගකීමෙන් තොරව ගෙන යන ප්‍රචාර
පැරැන්නන් විසින් නිර්මිත පරිහරණය කළ මේ පුරාවස්තු වල විශේෂත්වය වන්නේඒවා විනාශ වුවහොත් නැවත ඇති කළ නොහැක.පුරාවස්තුවක් රැකගත යුත්තේ ඒ එකිනෙකට ආවේණික වු වටිනාකමක් තිබීමයි.
පිංතූරය
Subscribe to:
Posts (Atom)
