Monday, June 18, 2012

අපේ මවුබිම



ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව (දෙමළ: இலங்கை ඉලං(ඞ්)ගෛඉංග්‍රීසි:Sri Lanka) ආසියා මහද්වීපයට අයත් ඉන්දියානු උප මහාද්වීපයේ පිහිටා ඇති ප්‍රධාන දූපතක් හා අවට පිහිටි කුඩා දූපත් කිහිපයකියන්ද විශාල සමුද්‍ර කලාපයකින්ද සමන්විත ස්වෛරීය රාජ්‍යයකි .අතීතයේදී මෙය නිලවශයෙන් පහත හෙලංකාලංකාසිංහලේසීලාන්සිලෝන්, සෙරන්දිබ් සහ තැප්‍රෝබේන් යන නම්වලින් හඳුන්වා ඇත. සිව් හෙළය, හෙළය,තම්බපන්නි, සීලදීප, රත්නදීපඉන්දියන් සාගරයෙහි මුතු ඇටය ආදී අන්වර්ථ නාම සහ විරුදාවලි වලින්ද ශ්‍රී ලංකාව හඳුන්වන ලදී. දෑත් එක්කොට ආයුබෝවන්/ආයිබෝං කීම ශ්‍රී ලාංකික සිංහලයන් අන් අය පිළි ගැනීමට භාවිතා කරන සාම්ප්‍රදායික ක්‍රමයයි
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
Democratic Socialist Republic of Sri Lanka
இலங்கை ஜனநாயக சமத்துவ குடியரசு
ශ්‍රී ලංකා
இலங்கைශ්‍රී ලංකා
          

ශ්‍රී ලංකා ජාතික ගීය'

ජාතික ගීයේ රචක


ආනන්ද සමරකෝන් මහතා විසින් රචනා කරන ලදී.(මේ ගීය ඔහු විසින් රචනා කරන ලද්දේ "නමෝ නමෝ නමෝ මාතා....." යනුවෙනි. පසුව එය ශ්‍රී ලංකා මාතා යනුවෙන් වෙනස් කරන ලදී.)


ශ්‍රී ලංකා ජාතික ගීය


ශ්‍රී ලංකා මාතා

අප ශ්‍රි.....ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා

සුන්දර සිරි බරිනී සුරැඳි අති සෝබමාන ලංකා

ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භූමිය රම්‍යා

අප හට සැපසිරි සෙත සදනා ජීවනයේ මාතා

පිළිගනු මැන අප භක්තී පූජා
නමෝ නමෝ මාතා
අප ශ්‍රී.....ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා

ඔබ වේ අප විද්‍යා
ඔබ වේ අප සත්‍යා
ඔබ වේ අප ශක්තී
අප හද තුළ භක්තී
ඔබ අප ආලෝකේ
අපගේ අනුප්‍රාණේ
ඔබ අප ජිවන වේ
අප මුක්තිය ඔබ වේ
නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා
ඥාන වීර්ය වඩවමින රැගෙන යනු මැන ජය භූමි කරා
එක මවකගෙ දරු කැල බැවිනා
යමු යමු වී නොපමා
ප්‍රේම වඩා සැම භේද දුරැර දා නමෝ නමෝ මාතා
අප ශ්‍රී......ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා

ශ්‍රී ලංකා ජාතික කොඩිය

ශ්‍රී ලංකාවේ ජාතික කොඩියෙහි සිංහල ජාතිය හා සැබැඳි පෞරාණික සංකේතය (Sign) වූ සිංහයා සහ මෙරට වසන දමිළ සහ මුස්ලිම් ජනතාව අඟවන වර්ණ ඇත.එහි ඇති බෝපත් සතර බුදුදහමේ "සතර බ්‍රහ්ම විහරණයන් වන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා හෙවත් ධාර්මික භාවය" නිරූපණය කරයි.
ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය
ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය පිළිබඳව තතු දැනගැනීමට ක්ලික් කරන්න
ජාතික කොඩියේ ඇතුළත් සංකේත.
කඩුවක් අතින් ගත් සිංහයා :සිංහල ජාතියත්, සිංහල ජනතාවගේ විනයගරුක බව , නිර්භීතකම, අභිමානය, නායකත්වය හා සාධාරණත්වයත් විදහා දක්වයි.
රතු පාට පසුබිම :අභිමානය
බෝපත් සතර :මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ ඇතුළු සියලු ආගම්වලට ගරු කිරීමේ උතුම් ගුණය.
තැඹිලි පාට තීරුව :දමිළ ජනතාව
කොළ පාට තිරුව :මුස්ලිම් ජනතාව

ඵස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා, මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා, ටී. බී. ජයා මහතා, ජී. ජී.පොන්නම්බලම් මහතා, ජේ. ආර්.ජයවර්ධන මහතා, ලලිත් රාජපක්ෂ මහතා, ජෝන් කොතලාවල මහතා. ශ්‍රී ලංකා ජාතික ධජය අවසන් වරට වෙනස් කිරිමකට ලක් කලේ 1972 දිය. මුලු හතරේ තිබූ සම්ප්‍රදායික බෝපත් ලාංඡන වෙනුවට බෝපත් හදූන්වා දූන්නේ එවකට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් හා රාජ්‍ය ලාංඡනය හා ශ්‍රී ලංකා ජාතික ධජය නිර්මාණ කමිටුවේ සභාපති වශයෙන් කටයුතු කල ආචාර්ය නිශ්ශංක විජයරත්න විසින් වන අතර ඵයින් මෙත්තා, කරුණා, උපේක්ෂා හා මුදිතා නිරූපනය කරයි.ජාතික කොඩියේ නිර්මාතෘ කමිටුව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනය

රාජ්‍ය ලාංඡනය භාවිතා කිරීමේ පරම බලය හිමිවී ඇත්‍‍තේ රටේ රජයටය. වත්මන් රාජ්‍ය ලාංඡනය හදුන්වා දුන්නේ 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේය.
රාජ්‍ය ලාංඡනයේ ඇතුළත් සංකේත.
සිංහයා :නිර්භීතකම
පුන්කලස :සමෘද්ධිය
ඉර සහ හඳ :චිරජීවනය
ධාන්‍යකරල් :සශ්‍රීකත්වය
ධර්ම චක්‍රය :ධාර්මික භාවය සහ සාධාරණත්වය
නෙළුම් පෙති :පිවිතුරුබව හා උතුම්බව


රාජ්‍ය ලාංඡනයේ නිර්මාතෘවරු

ශ්‍රී ලංකාවේ වත්මන් රාජ්‍ය ලාංඡනය හදුන්වා දුන්නේ 1972 දිය.එවකට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් හා රාජ්‍ය ලාංඡනය හා ශ්‍රී ලංකා ජාතික ධජය නිර්මාණ කමිටුවේ සභාපති වශයෙන් කටයුතු කල ආචාර්යනිශ්ශංක විජයරත්න ගේ මග පෙන්විම හා උපදේස් මත නිර්මාණය කලාශූරී මාපලගම විපුලසාර හිමියන් ගේය.



ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය


ජාතික වෘක්ෂය

“Mesua Nagassarium” යන උද්භිත නාමයෙන් හැඳින්වෙන නා ගස ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය ලෙස 1986 පෙබරවාරී 26 වැනි දින ප්‍රකාශයට පත් කෙරිනි. ජාතික වෘක්ෂය ලෙස නා ගස තෝරා ගැනීමට කරුණු කිහිපයක් බලපා ඇත.

·         ශ්‍රී ලංකාවට ආවේණික වෘක්ෂයක් වීම.
·         ශාඛයේ ප්‍රයෝජනවත් බව.
·         ඓතිහාසික සහ සංස්කෘතික වැදගත්කම.
·         බාහිර ස්වරූපය.
·         පුළුල් ව්‍යාප්තිය.
·         පැහැය සහ ස්වභාවය.
·         පහසුවෙන් ඇඳීමේ සහ දළ රූප ඇඳීමේ හැකියාව.



වැසි වනාන්තර වල වැඩෙන මෙම ශාඛය උසින් මීටර 30 ක් පමණ වන අතර ලංකාවේ තෙත් කලාපයට ආවේණික වේ. නා දළු රත් පැහැ වන අතර පරිණත වන විට කොළ වර්ණය ගනී. නා ගසේ දැව ඉතා තද ගතියෙන් යුක්තයකල් පවතී. එම නිසා ඈත අතීතයේ දී පාලම් සෑදීමට ගනු ලැබී ය. ආගමික වටිනාකමින් යුක්ත වන බැවින් වර්තමානයේ දී දැව සදහා භාවිතා නොකරනු ලබයි. නා මල ආයුර්වේද ඖෂධසුවඳ විලවුන් සහ සබන් නිපදවීම‍ට ගනී. ඓතිහාසික වශයෙන් බුදුන් ප්‍රථමවරට ශ්‍රී ලංකාවට වැඩි අවස්ථාවේ දී මහියංගනයේ නා ගස් විමනකට පැමිණි බව දැක්වේ. ඇතැම් අය විශ්වාස කරන්නේ මෛත්‍රී බුදුන් නා ගස් යට‍ බුදු බව ලබන බව ය.




ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා


වළි කුකුළා
ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා ලෙස වළි කුකුළාවේ. මෙම කුරුල්ලා තෝරා ගැනීමට පාදක වූ හේතු මෙසේය.
  • මෙම පක්ෂියා ඉතා අලංකාරවත් වර්ණ කීපයකින් සෑදුනු පිහාටු දරන දැකුම්කලු සතකු වීම.
  • ශ්‍රී ලංකාවට පමණක් ආවේණික දේශීය පක්ෂියෙකු වීම.
  • ඵඩිතර සටන්කාමී කඩිසර සතකු වීම.
  • කුකුළා අරුණෝදය හෙවත් ආලෝකය ඵළඹෙන බව කියාපාන දූතයකු වීම.
  • වලි කුකුලාගේ ඉංග්‍රීසි නාමය - Ceylon jungle fowl


ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය


නිල් මානෙල් මල (Nymphaea nouchali)

ජාතික පුෂ්පය ලෙස බොහෝදෙනා වරදවා බාවිතාකරන දම් පැහැති විදේශීය මානෙල් මල
ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ලෙස නිල් මානෙල් මල වේ. මෙම මල තෝරා ගැනීමට පාදක වූ හේතු මෙසේය.
  • රාජකීය උත්සව සදහා අනාදිමත් කාලයක සිට මෙම මල භාවිතා කරනු ලැබීම.
  • උපුල්වන් දෙවිදුන් සමග සම්බන්ධ කෙරෙන පුෂ්පයක් වීම.(මේ දෙවිදුට ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීම භාර වී ඇතැයි විශ්වාසයක් පවතී.)
  • බලවත් රෝග සමනය කිරීමේ සමත් සිසිල් ගුණයක් සහිත ඖෂධීය පුෂ්පයක් වීම.
  • මලේ වක්‍ර වූ පත්‍රවලින් ශුභ සලකුණක් වූ ස්වස්තිකය මූර්තිමත් වීම.
  • නිල් මහනෙල් හි උද්භිද නාමය පෙරදී Nympheae Stellata වූ නමුදු මෙම මලෙහි වත්මන් උද්භිද නාමය Nymphaea nouchali වේ.




අගනුවරශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ[1][2]
විශාලතම නගරයකොළඹ
නිල භාෂාව(න්)සිංහලදෙමළ
ජන වර්ගs (2001)≈73.9% සිංහල,[3]
≈12.6% දෙමළ,[3]
≈7.4% මුස්ලිම්,[3]
≈5.2% ඉංදියානු සම්භවය සහිත දෙමළ,[3]
≈0.5% වෙනත්[3]
Demonymශ්‍රී ලාංකික
රජයප්‍රජාතාන්ත්‍රික සමාජවාදීජනරජය
 - ජනාධිපතිමහින්ද රාජපක්ෂ
 - අගමැතිදී. මූ. ජයරත්න
නිදහසමහා බ්‍රිතාන්‍යයෙන් 
 - ඩොමීනියන් (ස්වයං පාලන)1948 පෙබරවාරි 04 
 - ජනරජය1972 මැයි 22 
වර්ග ප්‍රමාණය
 - සම්පූර්ණ65,610 km2 (122nd)
25,332 වර්ග සැතපුම් 
 - ජලය (%)4.4
ජනගහන‍ය
 - 2009 ඇස්තමේන්තුව20,238,000[4] (53rd)
 - July 2008 ජූලි සංගණනය21,324,791[5] 
 - ජන ඝනත්වය308.4/km2 (35th)
798.9/sq mi
GDP (PPP)2009 estimate
 - Total$96.527 billion[6] 
 - Per capita$4,768[6] 
GDP (nominal)2009 estimate
 - Total$41.323 billion[6] 
 - Per capita$2,041[6] 
Gini (1999–00)33.2 (medium
HDI (2007)0.759[7] (medium) (102nd)
ව්‍යවහාර මුදල් ‍ඒකකයශ්‍රී ලංකා රුපියල් (LKR)
වේලා කලාපයශ්‍රී ලංකා සම්මත වේලා කලාපය(UTC+5:30)
Drives on theleft
Internet TLD.lk.ලංකා.இலங்கை
දුරකථන සංකේතය94



ආණ්ඩු

ප්‍රධාන ලිපිය: ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් වන අතර එහි ආණ්ඩුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය නම්වේ. එතෙක් සිලෝන් හෙවත් ලංකා නම් වූ රාජධානිය අහෝසි කොට 1972 මැයි 22 දින "ශ්‍රී ලංකා" සමාජවාදී ජනරජය පිහිටුවන ලදී. 1978 දී "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය" පිහිටුවන ලදී.

අගනුවර

එහි වානිජ අග නගරය වන්ෙන කොළඹ නගරයයි. සිංහලදෙමළමුස්‌ලිම්බර්ගර් ආදී ජාතින් ජීවත් වන ලක්‌බිමේ ප්‍රධාන ආගම බුදු දහම වේ. පරිපාලන අග නගරය "ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ" වේ. ශ්‍රි ලංකාවෙහි ප්‍රධාන කර්මාන්තය ගොවිතැනය.

වර්ග ප්‍රමානය

  • ගොඩබිමි වර්ග ඵලය 65525 sq km
  • අභ්‍යන්තර මිරිදිය 1570 sq km
  • කරදිය ජල වර්ග ඵලය 487100 sq km
  • සමස්ථ වර්ගඵලය 554200 sq km

ඉතිහාසය

ප්‍රාග් ඓතිහාසික යුගය

ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය අධ්‍යයනය කිරීමේ පහසු ව සඳහා පහත පරිදි යුග වලට බෙදා අධ්‍යයනය කරනු ලැබේ. පුරාශිලා යුගය මධ්‍යශිලා යුගය නවශිලා යුගය(?)
සිදුකර ඇති පුරාවිද්‍යා පර්යේෂණ අනුව ලංකාවේ මානව යටගියාව පිළිබඳ සාධක අදිව් වසර 125,000 දක්වා ඈතට දිවයයි. ලංකා‍වේ වයඹදිග හා දිණිකොණදිග ප්‍රදේශයන්ගේ වෙරළාශ්‍රීත ප%දේශවල ව්‍යාප්තව ඇති ඉරණමඩු පාංශු සංකීර්ණයට අයත් බූන්දල වැල්ලෙගංගොඩ හා පතිරාජවෙල යන ස්ථානයන්ගේ සිදුකරන ලද පුරාවිද්‍යා පර්යේෂණ අනුව මෙම කරුණු තහවුරු වී ඇත.

ඓතිහාසික යුගය

ප්‍රථම නවීන අගනනුවර ලෙස අනුරාධපුරය සැලෙකන අතර, රාජ්‍ය පරපුරේ අවසානය සෙංකඩගල නගරය විය.

යටත් විජිත යුගය

වර්ෂ 1505 දී පරංගි (Portuguese) ලංකාව ආක්‍රමණය කරන ලදී‍‍. පරංගින්ගේ මුලික අවශ්‍යතාව වූයේ ඔවූන්ගේ ආගම හා වෙළඳාම පැතිරවීමයි. පසුව ඕලන්ද (Dutch) හා ඉංග්‍රීසි(British) අධිරාජ්‍යවාදීන්ගේ ද තාඩන පීඩනවලට ලක්විය. මෙම ආකාරයෙන් වූ තාඩන පීඩනයන්ගෙන් මීදීම සදහා උඩරට ගිවිසුම නමින් 1815 දී ඉංග්‍රිසීන් සමඟ අත්සන් කරන ලද ගිවිසුම ඔවුන් විසින් ම උල්ලංඝනය කරමින් එහි ජනතාව පිට යටත් විජිත මානසිකත්වයක් මවමින් 1948 දක්වා දරුණු පාලනයක් ගෙන ගියහ. මේ අතර තුර කාලයේදී ලාංකික ජනතාව 1818 දී සහ 1848 දී කැරලි දියත් කලේය.

පසු යටත්විජිත යුගය

කොටි ත්‍රස්තවාදය

අවුරුදු 30 කට ආසන්න කාලයක් තුල රටේ බෙදීමක් ඇති කිරීමට ත්‍රස්තවාදී කණ්ඩායමක් වන දෙමළ ඊලාම් කොටි (එල්ටීටීඊ)සංවිධානය තැත් කළද, 2009 වසරේදී එම සංවිධානය රටින් මුලිනුපුටා දමා රටට සාමය ඇතිවී ඇත.

2004 සුනාමි විපත

ශ්‍රී ලංකාවට සුනාමි විපත ඇති වූයේ 2004 දෙසැම්බර් 26 වනදාය. මෙම විපතෙන් ශ්‍රී ලංකාවට අහිමි වූ ජීවිත සංඛ්‍යාව 60,000 පමණ වේ.

ශාක සහ සත්ත්ව සංහතිය

විවිධත්වය සහ ආවේණිකත්ය අතින් ශ්‍රී ලංකාවේ ශාක සංහතිය ඉහළ අගයක් ගනී.[8] ශ්‍රී ලංකාවේ ගණ 1,502කට අයත් සපුෂ්පක ශාක 3,210ක් ඇත්තේය. විශේෂ 916 සහ ගණ 18ක් දිවයිනට ආවේණික වේ. මීට අමතරව දිවයිනෙහි ඇති හොර කුලයේ ශාක විශේෂ 55න් එකක් හැර අනෙක්වා සියල්ලම ශ්‍රී ලංකාවට සීමා වේ. මෑතකදී අගය නොකරන ලද මුත් ශ්‍රී ලංකාවේ මීවන ප්‍රමාණය 350ක් පමණ වේ. සියළු ජීවී කාණ්ඩවල විවිධත්වය, සාරවත්භාවය, සහ ආවේණිකත්ය අතින් තෙත් කලාපය වියළි කලාපයට වඩා ඉතා ඉදිරියෙන් සිටියි. තෙත් කලාපය, භූමි ප්‍රමාණයෙන් දිවයිනෙන් හතරෙන් එකක් වන නමුත් සපුෂ්පක ශාක විශේෂවලින් සියයට 88කට සහ ආවේණික සපුෂ්පක ශාක විශේෂවලින් සියයට 95කට රැකවරණය සළසයි. ශ්‍රී ලංකාවේ ස්වභාවික වනාන්තර කොටස් අටකට කාණ්ඩ කරයි.[9]

දේශපාලන සහ පරිපාලන ඒකක

පළාත්

  1. මධ්‍යම පළාත
  2. බස්නාහිර පළාත
  3. නැගෙනහිර පළාත
  4. උතුරු පළාත
  5. දකුණු පළාත
  6. වයඹ පළාත
  7. ඌව පළාත
  8. උතුරු මැද පළාත
  9. සබරගමු පළාත

පරිපාලන දිස්ත්‍රික්ක

සමාජය

භාෂා

ගොනුව:IMG 3489.jpg
සීගිරිය
සිංහල සහ දෙමළ රාජ්‍ය භාෂාවේ. ඉංග්‍රීසි පිළිගත් සමිබන්ධීකරණ භාෂාවයි. නිල තත්වයක් නොමැති වුවද මලයාලම්වැදි බසමැලේ ආදී භාෂා අදාල ජාතීන් භාවිතා කරයි.

ආගම්

ශ්‍රී ලංකාවේ සුභ පැතීමේ ක්‍රම

සමාජ සිරිත්

බොජුන්

ජාතික ආහාරය බත් වේ. - (බත් සහ ව්‍යංජන දෙක ම මෙම වචනයෙන් අදහස් කෙරේ.)

ශ්‍රී ලංකා‍වේ ජනගහනය

වර්ෂයබෞද්ධහින්දුඉස්ලාම්කතෝලිකවෙනත්එකතුව
සංඛ්‍යව%සංඛ්‍යව%සංඛ්‍යව%සංඛ්‍යව%සංඛ්‍යව%සංඛ්‍යව%
1881 සංගණනය1,698,10061.53%593,60021.51%197,8007.17%268,0009.71%2,3000.08%2,759,800100.00%
1891 සංගණනය1,877,00062.40%615,90020.48%212,0007.05%302,10010.04%8000.03%3,007,800100.00%
1901 සංගණනය2,141,40060.06%826,80023.19%246,1006.90%349,2009.79%2,5000.07%3,566,000100.00%
1911 සංගණනය2,474,20060.25%938,30022.85%283,6006.91%409,2009.96%1,1000.03%4,106,400100.00%
1921 සංගණනය2,769,80061.57%982,10021.83%302,5006.72%443,4009.86%8000.02%4,498,600100.00%
1931 තක්සේරුව3,266,60061.55%1,166,90021.99%354,2006.67%518,1009.76%1,1000.02%5,306,900100.00%
1946 සංගණනය4,294,90064.51%1,320,40019.83%436,6006.56%603,2009.06%2,2000.03%6,657,300100.00%
1953 සංගණනය5,209,40064.33%1,610,50019.89%541,5006.69%724,4008.95%12,1000.15%8,097,900100.00%
1963 සංගණනය7,003,30066.18%1,958,40018.51%724,0006.84%884,9008.36%11,4000.11%10,582,000100.00%
1971 සංගණනය8,536,80067.27%2,238,60017.64%901,7007.11%1,004,3007.91%8,4000.07%12,689,800100.00%
1981 සංගණනය10,288,30069.30%2,297,80015.48%1,121,7007.56%1,130,6007.62%8,3000.06%14,846,700100.00%


දේශපාලනය

ප්‍රධාන දේශපාලන පක්‍ෂ

තනි පක්‍ෂ

  • ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය
  • එක්සත් ජාතික පක්‍ෂය
  • ජනතා විමුකිති පෙරමුණ

හවුල් සංධාන

  • එක්සත් ජනතා නිදහස් සංධානය
  • එක්සත් ජාතික පෙරමුණ
  • ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානය

අධ්‍යාපන

ග්‍රාමීය ජනාවාස

ශ්‍රී ලංකාවේ අපනයන බෝග

උරුමයන්

ශ්‍රී ලංකාවේ කර්මාන්ත


ක්‍රීඩා


ශ්‍රි ලංකාව සහ එංගලන්තය අතර ටෙස්ට් තරඟය - 2001 මාර්තු - SCC ක්‍රීඩාංගනය.
නිල වශයෙන් ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් වුවද, ජනප්‍රියතම ක්‍රීඩාව ක්‍රිකට්ය. ජල ක්‍රීඩා, පාපන්දු සහ ටෙනිස් මෙන්ම රග්බි ද බොහෝ ජනප්‍රිය ක්‍රීඩාවන් වෙයි. ශ්‍රී ලංකාවේ පාසැල්, උසස් අධ්‍යාපන ආයතන, යනාදිය ක්‍රීඩා සහ මලල ක්‍රීඩා කණ්ඩායම් සංවිධානය කරමින්, පළාත් හා ජාතික මට්ටමින් ක්‍රීඩා තරඟ වලට සහභාගී වෙති. ඉතාම දුර්වල තත්වයක සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1990 ගණන් වල සිට සැළකිය යුතු ජයග්‍රහණ අත්පත් කරගනිමින් ඉදිරියට පැමිණ 1996 ලෝක කුසලානයද 1996 සහ 2004 වර්ෂ වල ආසීයානු කුසලානයද දිනා ගත්තේය. ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩා කරන ප්‍රධාන රටවල් වලින් එකක් ලෙස ඉදිරියට පැමිණි ශ්‍රී ලංකාව, 2007 ලෝක කුසලාන තරඟා වලියේ අවසාන මහා තරඟය දක්වා පැමිණියේය. එහිදි ඔව්හු ඕස්ට්‍රේලීයාවට පරාද වූහ.
සිංහල ස්පෝට්ස් ක්ලබ්ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය සහ රන්ගිරි දඹුලු ක්‍රීඩාංගනය මෙන්ම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය වැනි ක්‍රීඩාංගන රාශියක් ශ්‍රී ලංකාවේ තිබේ. 1996 ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රි ලංකාව ඉන්දියාව සහ පාකිස්ථානය සමග තරඟ වැදුනු අතර ආසීයානු කුසලාන තරඟාවලී කීපයකටද සහභාගී වූහ. එමෙන්ම එය 2011 දී පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලියටද සහභාගී වෙයි. වෙරල අසබඩ ද, නිසල ජල තටාක වලද පැවැත්වෙන බෝට්ටු තරඟ, දිය මත ලිස්සා යාම, පිහිනීම, දියට පැනීමේ සහ කිමිදීමේ (Scuba diving) ක්‍රීඩා ආදී ජල ක්‍රීඩා ශ්‍රී ලාංකිකයන්ගේ මෙන්ම විදේශ සංචාරකයන්ගේද සිත් පැහැර ගනී.

සමාජ

ආශ්‍රිත ලිපි


මූලාශ්‍ර

  1.  Official Website of Sri Lanka tourist Board - Facts at a glance.
  2.  Sri Lanka: Parliament History.
  3. ↑ 3.0 3.1 3.2 3.3 3.4 Demographics of Sri Lanka#CIA World Factbook demographic statistics.
  4.  Department of Economic and Social Affairs Population Division. "World Population Prospects, Table A.1" (PDF). 2008 revision. United Nations. Retrieved on 2009-03-12.
  5.  Census.gov
  6. ↑ 6.0 6.1 6.2 6.3 "Sri Lanka". International Monetary Fund. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2010-04-21.
  7.  "Human Development Report 2009. Human development index trends: Table G". The United Nations. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2009-10-05.
  8.  "Unique and threatened biodiversity"biodiversityhotspots.orgConservation International. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2009-09-15.
  9.  "Forest Resources"Forest resources of Sri Lanka Country reportFood and Agriculture Organization. Rome, 2001. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2009-09-15.


No comments:

Post a Comment